පොලිසිය තුළ දී සැමියා බිරියට ඇසිඩ් ගහලා….

ලලිත් චාමින්ද

 උඩුගම පොලිස් ස්ථානය තුළදී අද (21)  අළුයම සැමියා විසින් තම බිරිදට  එල්ල කළ ඇසිඩ් ප්‍රහාරයකින්  ඇය බරපතල පිළිස්සුම් තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇති බැව් උඩුගම පොලීසිය පවසයි.

පොලිසියට ලද පැමිණිල්ලකට අනුව  මෙම අඹු සැමි යුවළ අතර  වු පවුල් ආරවුලක් විභාග කිරීම සඳහා අද (21) උදැසන 8.00 පොලිසියට පැමිණෙන ලෙස මොවුන්  දෙදෙනාට පොලිසිය මගින් දැනුම් දි ඇත. එහෙත් මොවුන් දෙදෙනා ස්ථාන දෙකක සිට අළුයම 5.30ට පමණපොලිසියට පැමිණ ඇත.   පොලිස් ස්ථානයට  ඇතුල්වන අවස්ථාවේ  ඇසිඩ් බෝතලයක් සඟවාගෙන පැමිණි සැමියා විසින් බිරිදගේ මුහුණට ඇසැඩ් ගසා  ඇත. ඇසිඩ් ප්‍රහාරයෙන්  බරපතල පිළිස්සුම් තුවාල ලැබු මෙකි කාන්තාව පොලිස් නිලධාරින්ගේ මැදිහත් විමෙන් රෝහල්ගත කිරිමට පියවරගෙන ඇත.


සැකකාර සැමියා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගේ හා පොලිස් නිලධාරියකුගේ දැත්වලටද අසිඩ් වැදිමෙන් සුළු  පිළිස්සුම් තුවාල සිදුවී තිබේ.   ඇසිඩ් ප්‍රහාරයට ලක්වු කාන්තාව 28 හැවිරිදි වියේ පසුවන අතර  සැකකරු 32 හැවිරිදි වියේ පසුවන  උඩුගම අලුත්වත්ත ප්‍රදෙශයේ පදිංචිකරුවෝ් වෙති. මොවුන් දෙදෙනාට දරුවන් තිදෙනෙකු සිටින අතර  පවුල් ආරවුලක් නිසා කාන්තාව විසින් සැමියාගේ නිවසින් පිටව ගොස් ඇති බව විමර්ශනවලදි අනාවරණය වි ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 උඩුගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අයි.ඩි. සි ක්‍රිෂාන්ත, පො.ප පුෂ්පකුමාර  යන නිලධාරින් විසින් පරික්ෂණ පවත්වති.

Exit mobile version