පොලිසිය ගෝනකෝවිලේ රොහා මැරුවත් අංජු කෝටි 5ක් පොලිසියට දෙනවලු

රංකැටියාගේ කොන්ත්‍රාත්තුවකට මිනීමරන්න ගිය රොහාගේ ගෝලයින් දෙන්නෙක් කොටු

රාගම මගුල් පොකුණ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි රොහා නැමැති පාතාලයේ ප්‍රබලයාගේ ගෝලයින් දෙදෙනෙක් ටී 56 වර්ගයේ අවියක් සමග කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත්තේය.

ගාමිණී නැමැති එම ව්‍යාපාරිකයාව ඝාතනය කිරීමට අත්අඩංගුවට ගත් සැකකරුවන්ට කොන්ත්‍රාත්තුව ලැබී ඇත්තේ මේ වන විට බන්ධනාගාරගතව සිටින රන් කැටියා නැමැති රොහාගේ ප්‍රධාන ගෝලයෙකුගෙනි. රන්කැටියා නැමැත්තා බන්ධනාගාර ගතව ඇත්තේ මෑතකදී මත්කුඩු තොගයක් සමග පොලීසියට හසුවීය.

ගොනා කෝවිලේ රොහා යනු මෙරට පාතාල කල්ලි අතර ඉහළින්ම ඇති නාමයකි. කාලයක් බන්ධනාගාරගතව සිටි රොහා කොරෝනා සමයේදී ඇප ලබා බන්ධනාගාරයෙන් පිටතට පැමිණ තිබුණි. බුද්ධි අංශ සඳහන් කරනුයේ ඔහු යම් දේශපාලන රැකවරණයක් ඇතිව සැඟවී සිටින බවයි. ඉකුත් මහා මැතිවරණයේදී රොහා ඌව පළාත් අපේක්ෂකයෙක් වෙනුවෙන් දේශපාලන වැඩකටයුතුවලද නිරත වී සිටි බව බුද්ධි අංශ වාර්තා කර තිබුණි.


රොහාගේ ප්‍රධාන ප්‍රතිවාදියා ගොනා කෝවිලේ අංජුය. අංජුගේ වැඩිමහල් සහෝදරයාව රොහා විසින් ඝාතනය කර තිබුණි. අංජු මේ වන විට විදේශයක සැඟවී සිටින අතර මේ දෙදෙනාගේම ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත්තේ මත්කුඩු ජාවාරමයි.

රොහා බන්ධානාගාරගතව සිටියදී මැගසින් බන්ධනාගාරයේදී ඔහුව විෂ එන්නත් කර ඝාතනය කිරීමට අංජු විසින් සයනයිඩ් විෂ පවා බන්ධනාගාරයට යවා තිබුණි. රොහාගේ මරණය වෙනුවෙන් රුපියල් කෝටියක ලංසුවක් අංජු විසින් තබා ඇති අතර එය මේ වන විට රුපියල් කෝටි 05 ක විවෘත ලන්සුවක් බවට පත්ව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිසිය අතින් රොහා මරණයට පත්වූවත් එම මුදල ලබාදෙන බව අංජු විසින් ප්‍රකාශකර ඇතැයි බුද්ධි අංශ සදහන් කරයි.

Exit mobile version