පොලිසියේ වැරැද්ද නිසා බීමතින් රිය පැදවූවාට දුන් දඬුවම ලිහිල් කරයි

බීමතින් රිය පදවා ගල්කිස්ස පොලිසිය මඟින් අධිකරණය හමුවට පමුණුවන ලද රියදුරකු සම්බන්ධයෙන් මත්පැන් පානය කර ඇති බවට තහවුරු කෙරෙන පරීක්ෂාව පොලිසියේදී විධිමත් අයුරින් සිදු නොකිරීම හේතුවෙන් රියදුරාට පනවනු ලබන දඬුවම ලිහිල් කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා තීරණය කර ඇත.

ඒ අනුව අදාළ රියදුරා මත් පැන් පානය කළ බවට පිළිගෙන ඇති අතර ඔහු සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය පානය කිරිම පිලිබඳව සිදු කෙරෙන ශ්වසන පරීක්සාව නිසි ආකාරයෙන් සිදු නොකිරීම හේතුවෙන් රියදුරු බපත්‍රය මාස හයකට තහනම් කිරීම මාස 02කට පමණක් සීමා තොට රුපියල් 25,00ක දඩටයක් නියම කිරීමට මහෙසත්‍රත්වරයා පියවර ගෙන ඇත.

මෙම රියදුරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණය හමුවේ පවසා ඇත්තේ ඖෂධ සමාගම් නියෝජිතවරයකු ලෙස ක්‍රියා කරන මෙම සැකකාර තරුණයා ට ලැබුණු උසස් වීමක් සැමරීම සඳහා එම සමාගමේ ඉහළ නිලධාරීන් සාදයක් ඉල්ලා ඇති බවය. එ අනුව වැල්ලවත්ත ප්‍රදේශයේ අවන්හළක සාදයක් පවත්වා අති අතර තම සේවාදායකයා නිතර මත්පැන් පානය නොකරන පුද්ගලයකු බවත් ඔහු තම ඉහළ කළමනාකරුවන්ගේ ඉල්ලීම මත බියර් පානය කළ බවත් පවසා අත. ඒ අනුව ඔහු පොලිසිය මඟන් අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය පරීක්ෂාවට යොමු කළද මෝටර් රථ ප්‍රවාහන දේපාර්තමේන්තු පනතට අනුව නිසි ක්‍රමවේදයකට අනුව මෙම පරීක්ෂණය සිදු නොකළ බව නීතීඥයන් අධිකරණය හමුවේ පෙන්වා දි ඇත.


මෙම පරීක්ෂණයට පෙර මුව සේදිමට ඉඩ දීම, අදාල පරීක්ෂණ කට්ටලය සැකකරු ඉදිරියේදිම සීල් කඩා විවෘත කළ යුතු වීම පරීක්ෂා කරන පරිසරය අපිරිසිදු වාතය සහිත එකක් නොවීම යන කරුණු සඳහන්ව තිබුණද මේ පිලිවෙත් ක්‍රියාත්මක නොවූ බව ඔවුන් අධිකරණයට කරුණු දක්වා ඇත.

එසේම මෙම නීතීඥයන් මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා ඇත්තේ තම සේවාදායකයා ඖෂධ සමාගම් නියෝජිතයකු වශයෙන් ඖෂධ සාම්පල රැගෙන ප්‍රදේශ ගණනාවකට රිය පදවාගෙන යන බැවින් ඔහුගේ රිය පැදවීම් බලපත්‍රය මාස හයකට අවලංගු කිරීමෙන් ඔහුගේ රැකියාවටද බරපතල තර්ජනයක් ඇති විය හැකි බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම කරුණු සියල්ල සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා බීමත්ව රිය පැදවීමේ වරදට රුපියල් 25,000ක දඩයක් නියම කර ඇති අතර විධිමත් ලෙස මත්පැන් පානය පරීක්ෂා කිරීමේ ශ්වසන පරීක්ෂාව සිදු නොකළ බව පිළිගත් මහෙස්ත්‍රාත්වරයා ඔහුගේ රිය පැදවීමේ බලපත්‍රය මාස හයක් වෙනුවට මාස දෙකකට පමණක් අවලංගු කිරිමට නියෝග කර ඇත.

Exit mobile version