පොලිසියේ වැඩේ ඔයාල කරන්න යන්න එපා… ඒකට අපි ඉන්නවා… පොලිසියෙන් ෆුඩ් සිටි මැරයන් පන්නයේ අයට දැනුම් දෙයි!

භාණ්ඩ සොරකම් කර ඇතිනම් ඒ සම්බන්ධව විමර්ශන කිරීමට    පොලිසිය ඇති බවත් භාණ්ඩ සොරකම් කළ වරදට  කිසිවකුට පහර දීමක් සිදුකළ නොහැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ සමාජ මාධ්‍ය හරහා තීව්‍ර ලෙස සංචරණය වූ බොරැල්ල කාර්ගිල්ස් ෆුඩ් සිටි ශාඛාවක් තුළ දී  කාන්තාවකට අමානුෂික ලෙස පහර දුන් සිද්ධිය සම්බන්ධව ප්‍රකාශයක් කරමිනි.

මේ ආකාරයෙන් නීතිය අතට ගෙන කිසිවකුටත් පහර දීමට අයිතියන් නොමැති බවත්, සුපිරි වෙළඳසැල් වල කළමනාකරුවන්  මේ සම්බන්ධයෙන් සියලු සේවකයන් දැනුවත් කළ යුතු බවත් හෙතෙම පැවසීය.

බොරැල්ල කොටා පාරේ  සුපිරි වෙළෙඳ සැලක පසුගියදා   භාණ්ඩ සොරා ගත් තරුණියකට   එහි සේවයකයන් පිරිසක්  පහර දෙන ආකාරය වීඩියෝ දර්ශන මගින් රට පුරා ප්‍රචාරය වූ බව කී  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එවැනි සිද්ධි       කිසිසේත් අනුමත නොකරන බවද දන්වා සිටියේය.


කිසියම් කෙනෙකු  වෙළඳ සැලේ භාණ්ඩ සොරා ගන්න බවට නිර්ක්ෂණ   වුවහොත් ,   එයට විකල්පය පහර දීම නොව සේවකයන් ඒ සම්බන්ධයෙන් එහි ආරක්ෂක නිලධාරීන් දැනුවත් කර එම පුද්ගලයා හෝ කාන්තාව අල්ලා පොලිසියට බාර දීම බව ද ඔහු පෙන්වා දුන්නේය.

හංවැල්ල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණියකට මෙම පහර දීම සිදුකර ඇති අතර, ඇය තදික්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව සිටින්නියක් බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මත්ද්‍රව්‍ය පාන සදහා මෙම කාන්තාවන  භාණ්ඩ සොරා ගෙන ඇති බවත්,  වෙළෙඳසල්වල භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන්  ඇයට  නඩු කිහිපයක්ම ඇති  පවතින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීවේය.

Exit mobile version