පොලිසියේ ආන්දෝලනාත්මක සුදු පුතා සහ කලු පුතා මූලස්ථානයෙන් විසිවෙයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස්පතිවරයා සහ පොලීසියේ ඉහළ නිලධාරීන් අතර විරසකයන් ඇති කිරීමට මුල්වූ බව කියන පොලිස් මූලස්ථානයට අරක්ගත් කළුපුතා සහ සුදු පුතා යැයි පොලිසිය තුල කුප්‍රකට ජ්‍යෙෂ්ට පොලිස් නිලධාරීන් දෙදෙනා ඉහළ අණකින් පොලිස් මූලස්ථානයෙන් වෙනත් තැන් දෙකකට මාරු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි .

ආරංචි මාර්ගවලට අනුව අදාල ස්ථාන මාරු මේ වනවිට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය සදහා යොමුකර ඇත.

ඔවුන් දෙදෙනා යැවෙන්නේ කොතනටදැයි අද සවස් වන විට පොලිස්පතිවරයාද තීරණය කර තිබෙන බවද වාර්තා වන අතර ඒ අනුව අද හෙටම ඔවුන් පොලිස් මූලස්ථානයෙන් පිටවනු ඇතැයි ආරංචි මාර්ග සදහන් කළේය .

මේ ගැන දැනගත් පොලීසියේ බොහෝ පිරිසක් සතුට පලකර තිබුණේ පොලීස් මූලස්ථානයට අරක් ගත් පිල්ලි දෙකක් වූ මේ අය ඉවත්වීමෙන් සිදුවන්නේ පොලීසියට සෙතක් බව කියමිනි.

Exit mobile version