පොලිසියට වෙට්ටු දැමුවේ නුගේගොඩ කුඩ්ඩෙක්… අපරාධකරු හඳුනාගනී…

බිමල් ශ්‍යාමන් ජයසිංහ –

මෝටර් රථයේ බොනට්ටුව මත එල්ලී සිටියදී මෝටර් රථය කිලෝ මීටරයක් පමණ දුරක් රැගෙන ගොස් වෙට්ටුවක් දමා සැරයන්වරයා ව බිමට වැටීමට සලස්වා පලාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හඳුනාගෙන ඇතැයි නුගේගොඩ කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පළා ගිය මෝටර් රථයේ ලියාපදිංචි අංකය සි සි ටි වි දර්ශන ඔස්සේ ලබාගෙන සිදුකළ විමර්ශනවලදී පලා ගිය පුද්ගලයා නුගේගොඩ මිරිහාන උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවකු බවට අනාවරණ වී තිබුණි

ඒ අනුව එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් පලාගිය සැකකරුට අයත් බව කියන ඉඳිකරමින් පවතින සුඛෝපභෝගී තෙමහල් නිවස වටලා පරීක්ෂා කර ඇත. පලාගිය සැකකරු නිවසේ නොසිටීම හේතුවෙන් එහි සිටි කාන්තාවන් දෙදෙනා ගෙන්   සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ ඒ තම සහෝදරයා බවත් ඔහු පෙරේදා (19) ඔහුගේ බිරිය සමග නිවසින් පිට වූ බවක්ය.


සිටින තැනක් හෝ දුරකථන අංකයක් නොදන්නා බවත් ඔවුන් ප්‍රකාශ කර ඇත

පලා ගිය එම සැකකරු මීට කලකට පෙරදී ගිනි අවියක් සමග පොලිස් අත්අඩංගුවට පත්වූ අයකු බවත් මත් මුද්දර සහ මත් පෙති ජාවාරම සිදු කරන්නෙක් බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප –

 

Exit mobile version