පොලිසියට “ලොරි ටෝක්“ දුන් සැලෝන්කරු රිමාන්ඩ්…   

මේ තැනැත්තාගේ මානසික සෞඛ්‍ය පිළිබඳ වාර්තාවක් ලබා ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්...

නුගේගොඩ, දෙල්කඳ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බලපෑම් කළ වරදට අත්අඩංගුවට ගත් තරුණයා එළඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් අද ( 09) නියෝග කළේය.

මෙම පුද්ගලයාගේ   මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙස ද අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත.

නුගේගොඩ සැලෝන් එකක් පවත්වාගෙන යන මෙම පුද්ගලයා  පොලිසියට පරුෂ වචනයෙන් බැණ වැදී රාජකාරියට බාධා කරන ආකාරය හෙළිදරවු වීමෙන්  පසුව ප්‍රදේශයෙන් ද පලාගොස් තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනතුරුව ඔහු ඊයේ  නීතිඥයෙක් මාර්ගයෙන් පොලිසියට භාර වූයේය.


Exit mobile version