පොලිස් නිලධාරීන් දෙදෙනෙක් හප්පා දැමූ එන්.ජී.ඕ ලොක්කි පා මුල නීතිය නැමූ  පොලිස් ලොක්කා..

බෞද්ධාලෝක මවතේ විජයරාම මංසන්ධියේ  දී  රථවාහන රාජකාරියේ නිරතව සිටි  පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඔවුන්ගේ  රාජකාරි යතුරු පැදියත් සමග හප්පා බරපතල අනතුරකට ලක් කළ ලංකාවේ ප්‍රධානපෙළේ රාජ්‍ය නොවන උපදේශන සංවිධානයක සභාපතිත්වය දර කාන්තාවක් බස්නාහිර පළාත් ඉහළම පොලිස් නිලධාරියෙකුගේ බලපෑමෙන් මුදාහල සිද්ධියක් පිළිබඳව කුරුඳුවත්ත පොලිසියෙන් වාර්තා වේ.

වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.

බම්බලපිටිය පොලිසියට අනුයුක්තව රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් බෞද්ධාලෝක මාවතේ විජයරාම හන්දියේ දී  පසුගිය 13 දා අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කළ කාන්තාවක් විසින් හප්පා බරපතල අනතුරකට ලක් කළේය.   යතුරු පැදිය කුඩුපට්ටම් වි තිබිණි. පොලිස් නිලධාරීන් දෙදෙනා බරපතල තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළහ. අනතුර සිදුකළ මෙම කාන්තාව රාජ්‍ය නොවන සංවිධානයක් සේ ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ උපදේශන ආයතනය සභාපතිත්වය දරන නාවල පදිංචිකාරියකි.


සිද්ධිය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරුනේ කුරුඳුවත්ත පොලිසියටය. කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා සිද්ධිය සම්බන්ධව කාන්තාව අත්අඩංගුවට ගෙන උසාවි ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කරමින් සිටිය දී කාන්තාව සැර පරුෂ විලාශයෙන් හැසිරී බස්නාහි පළාතේ උසස්ම පොලිස් නිලධාරියෙක් වෙත දුරකථනයෙන් ඇමතුවාය. ඒ සමගම එම නිලධාරියා පොලිස් ස්ථානාධිපතිවරයාව අමතා වහාම මේ කාන්තාව නිදහස් කරන ලෙස  දන්වා සිටියේය. උසාවි කටයුතු වලට නොයා පොලිස් ඇප මත ඇයව නිදහස් කිරීමට ස්ථානාධිපතිවරයාට සිදුවිය.

එහෙත් රාජ්‍ය දේපලවලට හානි වීම, නිලධාරීන් දෙදෙනෙක් බරපතල තුවාල ලැබීම වැනි උසාවියකින්ම බේරා ගත යුතු මෙම අනතුරේ ස්වභාවය ගැන සලකා බැලූ ඉහළම නිලධාරියාට පහළින් සිටි නිලධාරියෙක් කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා අමතා නාවල ගලකන්ද පාරේ පදිංචි මේ කාන්තාව සොයා ගොස් වහාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙස දන්වා සිටියේය.

ඒ උපදෙස් මත කටයුතු කිරීම සඳහා සූදානම් වෙද්දී යළිත් වරක් බස්නාහිර පළාතේ ඉහළම පොලිස් නිලධාරියා මැදිහත් වී එම කාන්තාවට නීතිය ක්‍රියාත්මක කිරීම වැළැක් වූ බව පොලිස් ආරංචි මාර්ග කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වාර්තා වන පරිදි අනතුරට ලක් වූ පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් අයෙක් තවමත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමිනි. රාජකාරි යතුරු පැදියට සිදු වූ හානිය රුපියල් ලක්ෂ එක හමාර ඉක්මවා යමිනි.

Exit mobile version