පොලිස් දින සැමරුම ගැන ලියූ පුවතක් නිසා ලංකාසර සීඅයිඩියට කැඳවයි

ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 156 වැනි පොලිස් දිනය සැමරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව සතු අරමුදල්වලින් විශාල මුදලක් භාවිත කරමින් සිදු කිරීමට නියමිත සැමරුම් උළෙල පිළිබඳව පළ කළ වාර්තාවක් පිළිබදව කරුණු විමසීමට අද ලංකාසර වෙබ් අඩවියේ කර්තෘ ජානක ලියනආරච්චි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයට කැඳවීය.

පසුගිය අගොස්තු මස 23 වැනිදා වැනි දා රටම හිඟා කද්දී පොලිසිය බාල් නටන්න සූදානම් ‍හිසින් පළ කළ පුවත් පිළිබඳව විමර්ශනය කිරීමට අවශ්‍ය බවට ලංකාසර මීඩියා නෙට්වර්ක්ස් පෞද්ගලික සමාගමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් දන්වා තිබුණි. ඒ අනුව මෙම විමර්ශණයට අදාල ප්‍රකාශයක් ලබා දීමට ලියනආරච්චි මහතා අද කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගිය අතර එහිදී ඔහුගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. එහිදී මෙම තොරතුර ලැබුනේ කෙසේද යන්න පිළිබඳව එම නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කර ඇති අතර එය පළ කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඉල්ලා ඇත.

එ අනුව ලංකාසර කර්තෘවරයා සම්පූර්ණ සත්‍ය කරුණු  මත    පළ කළ මේ පුවතේ වගකීම සිය වෙබ අඩවිය සම්පූර්ණයෙන් භාර ගන්නා බවත් පවතින දැඩි ආර්ථික අර්බුදය සහ රාජ්‍ය වියදම් සීමා කිරීමට ජනාධිපතිවරයාගේ නියමයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන පසුබිමක් තුළ විශාල මුදලක් වැය කොට 156 වැනි පොලිස් දිනය සැමරීමට පියවර ගැනීම කාලෝචිත නොවන බව අවධාරණය කර ඇත. මෙවැනි උත්සවයක් සිදු කිරීමෙන් පොලිස්පතිවරයා ඇතුළු සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව පිළිබඳව මහජනතාව අතර අපකීර්තියක් නිර්මාණය විය හැනි බවද පෙන්වා දී ඇති ඔහු එම නාස්තිය සහ පොලිස් දෙපාර්තමේන්තුවට එයින් අත් විය හැකි අයහපත් බලපෑම වළකාලීමේ අරමුණින් මෙම පුවත පළ කළ බවට සඳහන් කොට ඇත.


 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රටම හිඟා කද්දී පොලිසිය බාල් නටන්න සූදානම්…

Exit mobile version