පොලිස් අත්අඩංගුවේ දී පූගොඩ තරුණයා මිය යෑමට..සැරයන් කෙනෙක් අත්අඩංගුවට

පූගොඩ  මණ්ඩාවල පොලිස් වසමේ 21 හැවිරිදි තරුණයෙක් පොලිස් අත්අඩංගුවෙ දී මිය යෑම පිළිබඳව සැක පිට පොලිස් සැරයන් වරයෙක් සහ පුද්ගයන් 07 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

මේ වනවිට එම පරීක්ෂනණ ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ නියෝජ්‍ය පොලිස් අධිකාරිවරයෙක්ගේ අධීක්ෂණයෙන් සිදුවන බව ඔහු වැඩිදුරටත් කීය.

ගම්පහ දිස්ත්‍රික්කයේ පූගොඩ පොලිස්ථානය මගින් අත්අඩංගුවට ගෙන සිටි 21 හැවිරිදි  සැකකාර තරුණයෙක්    ‘හදිසියේ ඇති වූ රෝගී තත්වයක් මත’ රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ගිය බව පසුගිය 11 වැනිදා පොලිසිය නිවේදනය කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පරීක්ෂණ ඇරඹුනේ වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගේ විශේෂ නියෝගයක් පරිදිය.

Exit mobile version