පොලිස්පතිට තිත්ත කතා කී පොහොට්ටුවන් නිරුවත් කළ පොලිස්පතිගේ වාර්තාව මෙන්න!

පොලිසිය දේශපාලනීකරණය කරගෙන දේශපාලකයින් ඉල්ලන් කෑ හැටි... කලබලයක දී ඇතිවිය හැකි තත්වය මාස තුනකට පෙර පොලිස්පති කියයි!  

පසුගිය 2021. 01.01 සිට, 2021.11.03 දක්වා මේ රජය යටතේ  ස්ථානාධිපති ධුර ලබා දුන්  පොලිස් ස්ථානාධිපතිවරුන් 184 දෙනාගෙන් නිශ්චිත ක්‍රමවේදය සපුරා සුදුසුකම් සහිතව එම තනතුර ලබාගෙන ඇත්තේ පොලිස් ස්ථානාධිපතිවරුන් 02ක් පමණක් බව පොලිස්පතිවරයා කියයි.

ඉතිරි පොලිස් ස්ථානාධිපතිවරුන් 182 දෙනාම තමන්ගේ නිර්දේශවලින් තොරව දේශපාලන බලය මතම පත්වීම් ලබා ඇති ආකාරය පොලිස්පතිවරයා විසින් මීට මාස 03කට පෙර    මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දන්වා ඇති අයුරු වාර්තාවෙන් හෙළිදරව් වී තිබේ.

පසුගිය 14 දා  ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු ආණ්ඩු පක්ෂයේ  පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට ගෙන්වා සිය නිවෙස්වලට ආරක්ෂාව තහවුරු නොකිරීම සම්බන්ධව  තිත්ත කතාවෙන් බනින ලද මන්ත්‍රීවරුන් නිරුත්තර කරමින්  පොලිස්පතිවරයා හෙළිදරව් කර තිබුණේ  පොහොට්ටු ආණ්ඩුව විසින් පොලිසිය දේශපාලනීකරණය කළ ආකාරය පිළිබඳ වූ පිළිකුල් සහගත ඇත්තය.

පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ පෞරුෂය, විනය සහ වගකීම හැඩගස්වමින් එම ධුරය සඳහා පොලිස් නිලධාරියෙක් හුරු කරන සම්ප්‍රදාය කරුණු 09ක් ඔස්සේ ඉතා පැහැදිළි ලෙස පෙළ ගස්වන පොලිස්පතිවරයා පෙන්වා දී ඇත්තේ එම ක්‍රමවේදය බිඳුණු අවස්ථාවල සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවම අපකීර්තියට පත් වූ බවය.


පොලිස් ස්ථානාධිපතිවරයෙක් පත් කරගත් පොලිසියේ ක්‍රමවේදය

පොලිස්  ස්ථානාධිපතිවරයෙක් ලෙස නිලධාරියෙක් තෝරා ගැනීම , පුහුණු කිරීම සහ අත්දැකීම් සහ පලපුරුද්ද ක්‍රමානුකූලව ලබා දීම සඳහා   අනාදිමත් කාලයක සිට  හැඩගැසුනු  සම්ප්‍රදායක්  පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඇත.

පොහොට්ටු ආණ්ඩුවේ ඕයිසී ලා…

එහෙත්  පසුගිය 2021. 01.01 සිට, 2021.11.03 දක්වා මේ රජය යටතේ තනතුරු ලබා දුන්  පොලිස් ස්ථානාධිපතිවරුන් 184ගෙන් ස්ථානාධිපතිවරුන් තෝරා ගනු ලබන සම්මුඛ පරික්ෂණයටවත් නොපැමිණ එම තනතුරු ලබාගත් නිලධාරින් ගණන 126කි.

සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණ එයින් අසමත් වූ පොලිස් නිලධාරීන් 03ක් දේශපාලන බලපෑම් මත පොලිස් ස්ථානාධිපති ධුර ලබාගෙන තිබේ.

මින් පෙර කිසිදු පොලිස් ස්ථානයක ස්ථානාධිපති කමක් නොකර A1 හෝ A2 පොලිස් ස්ථානයක ස්ථානාධිපති ධුරයට නිලධාරීන් 13ක් පත් කර ඇත.

එමෙන්ම මින් පෙර කිසිම පොලිස් ස්ථානය ස්ථානාධිපතිකමක් නොදැරූ නිලධාරීන් 21 දෙනෙක් A3 පරිපාලන ඛාණ්ඩයේ පොලිස් ස්ථානවල  ස්ථානාධිපති පත්වීම් ලබාගෙන තිබිණි.

B හෝ C ශ්‍රේණියේ  පොලිස් ස්ථානයක ස්ථානාධිපති ධුරයක් දරමින් සිට  කෙලින්ම  A3, A2 හෝ A1 ශ්‍රේණියේ ස්ථානාධිපති ධුරයට පත් වූ පොලිස් ස්ථානාධිපතිවරුන් ගණන 19කි.

මේ පත්කරගැනීම්වලින් අනතුරුව  පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම් මෙන්ම පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර සැලකිය යුතු ලෙස වැඩි වී තිබුණු අයුරු ද සංඛ්‍යාලේඛණ සහිතව පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයා වෙත දන්වා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මැති ඇමතිවරුන්ගේ නිවාස කුඩු වී  ගිනි ගත්තේ නම්, එය පාලනය කරගැනීමට නොහැකි වූ පොලිස් ඇම්බැට්ටයින් තමන්ගේ දේශපාලන හයියට එම ප්‍රදේශවලට පත් කරගෙන තිබුණු වැඩ බැරි කුක්කන් පිරිසක් බවට හෙළි කළ    පොලිස්පතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයාට යැවූ සම්පූර්ණ වාර්තාව පහත දැක්වේ.

 

Exit mobile version