පේසාලේ කිතුණු පල්ලිය වටේ සැරිසැරූ පුද්ගලයා අත්අඩංගුවට

දිනසේන රතුගමගේ:

මන්නාරමේ පේසාලේ දේවස්ථානයකට රාත්‍රියේදී සැකකටයුතු ලෙස ඇතුලු වූ පුද්ගලයා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කොට වාර්තාවක් ලබා ගෙන එය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරණ මෙන් යාපනය මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා 6 දා පොලීසියට නියෝග කොට තිබේ.

මන්නාරම දේවස්ථානයට ඇතුලු වූ මේ පුද්ගලයා යාපනය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු මානසික රෝගියෙකුගේ ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා පොලීසිය ඒ පිළිබදව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කොට තිබේ.


මෙම සැකකටයුතු පුද්ගලයා 5 දා මධ්‍යම රාත්‍රියේදී මන්නාරමේ දේවස්ථානයට සැකකටයුතු ලෙස ඇතුලු වී මදවේඅලාවක් එහි රැදීසිට ඉවත්ව යන ආකාරය සීසීටීවී කැමරාවල සටහන් වි තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම දර්ශන සෙසු පොලිස් ස්ථානවලට නිකුත් කිරීමෙන් පසුව යාපනය පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

Exit mobile version