පේසාලේ කිතුණු පල්ලියට රෑ මැදියමේ ආගිය පුද්ගලයා ගැන විමර්ශනයක්

දිනසේන රතුගමගේ:

මන්නාරම පේසාලේ වෙට්රිනායගී කිතුණු දේවස්ථානයට 5 දා මධ්‍යම රාත්‍රියේ සැකකටයුතු ලෙස ඇතුලු වී මද වේලාවක් එහි සැරිසරා පිටව ගිය පුද්ගලයෙකු සම්බන්ධයෙන් මන්නාරමේ ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

ඔහුගේ අතේ පොලිතීන් බෑගයක් පමණක් තිබූ අතර ජැකට් එකකින් ඔහු  සැරසී සිටි බව  දේවස්ථානය අසල වූ සීසීටීවී කැමරාවක සටහන් වී තිබේ.


 දේවස්ථානයට පැමිණි අයෙකු ආපසු හැරී යන  බව  ඊට නුදුරින් සිටි පුද්ගලයෙකු දැක ඒ බව  දේවස්ථානයේ පියතුමන්ලාට දැණුම් දිමෙන් පසුව  පියතුමන්ලා පොලීසියට පැමිණිලි කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පේසාලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version