පේරාදෙණිය මල්වත්ත බලන්න පැමිණි බ්‍රිතාන්‍ය සංචාරකයෙක් මිය යයි!

Peradeniya

පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීමට පැමිණ සිටිය දී බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයෙක් ඊයේ (05) හදිසියේ මිය ගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ  බිනෙඩික් ලිලේ නැමැති 69 හැවිරිදි සංචාරකයෙකි.

හදිසියේ රෝගාතුර වූ ඔහු පේරාදෙනිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙසේ මියගොස් ඇත. සංචාරක වීසා මත  ඔහු  පසුගිය 22 වැනි දින මෙරටට පැමිණි ඔහු පේරාදෙණිය වෙත ලඟා වී ඇත්තේ ඊයේ දිනයේ ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු සමඟ මෙරටට පැමිණ කාන්තාවක් සමඟ උද්භිද උද්‍යානය නරඹමින් සිටිය දී දහවල් 10.30 ට පමණ රෝගී වීම නිසා උද්භිද උද්‍යානයට අයත් වාහනයකින්ම ඔහු පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබේ.
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී බ්‍රිතාන්‍ය ජතිකයා මියගොස් සිට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කිරීමට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන  පියවර ගෙන ඇත.
.සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Exit mobile version