පේරාදෙණිය නීති පීඨයේ සිසුන්ට පහර දුන් ශාස්ත්‍ර පීඨ සිසුන් තිදෙනා අත්අඩංගුවට…

නවකවදකයින්ට රජයේ රැකියා නෑ.... උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති සුරේන් රාඝවන් කියයි...

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති දෙපාර්තමේන්තුවේ සිසු පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශාස්‍ත්‍ර පීඨයේ සිසුන් තිදෙනෙකු පොලීසිය විසින් අද (21) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු සැකකාර සිසුන් තිදෙනා පොලිස් ඇප මත මුදාහැර ඇත. ඉදිරියේදී දෙපාර්ශවය සමථ මණ්ඩලයට යොමු කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.

නවක වදයට එරෙහි සිසු පිරිසකට මෙම පහරදීම පසුගිය 14 වැනි විශ්වවිද්‍යාලයේ ගෙම්බා ආපන ශාලාව අසළදී සිදුකර තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වීමෙන් පසු පහර කෑමට ලක්වූ සිසුන්ගේ ප්‍රකාශ පදනම් කරගනිමින් අදාළ සිසුන් තිදෙනාගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන තිබිණි.

මෙම පහර දීමේ සිද්ධියෙන් පසු ශාස්ත්‍ර පීඨ සියලු සිසුන් සඳහා දේශන මාර්ග ගත ක්‍රමය ඔස්සේ පමණක් සිදු කිරීමට එම පීඨ පාලනාධිකාරිය තීරණය කර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව ප්‍රකාශයක් කළ උසස් අධ්‍යාපන රාජජ්‍ය අමාත්‍ය සුරෙන් රාඝවන්  පැවසුවේ නවක වද සිද්ධියට අදාල සිසුන්ට සිවිල් නීතිය ක්‍රියාත්මක කරනවා පමණක් නොව, ඔවුන්ට රාජ්‍ය සේවයේ රැකියා අවස්ථා ලබා නොදීමටත් කටයුතු කරන බවය.

Exit mobile version