ශ්‍රියානි විජේසිංහ –
නුවර දළදා පෙරහැරට සහභාගි වූ හීලෑ අලි ඇතුන්ගෙන් බහුතරයකගේ හිමොග්ලොබින් අඩු බව කරන ලද පරික්ෂා කිරිම්වලදී අනාවරණය වූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ අංශාධිපති මහාචාර්ය අශෝක දංගොල්ල සඳහන් කරයි.
පෙරහැර අවසන් වීමත් සමග හීලෑ අලි ඇතුන් 22කුගේ සෞඛ්‍ය වාර්තාවන් හිමිකරුවන්ට ලබාදීමට කටයුතු කළ බව ද හෙතෙම පැවසුවේය.
හීලෑ අලි ඇතුන්ට කලට වේලාවට පණුබෙහෙත් ලබා නොදීම හේතුවෙන් මෙසේ හිමොග්ලොබින් අඩුවීමට හේතුවක් වී ඇති බව මහාචාර්යවරයා පවසා සිටියි.
මෙම සතුන්ගේ බරවා රෝගය පරික්ෂා කිරීම සඳහා රුධිරය ලබා ගැනීම හිමිදිරි පාන්දරින් සිදුකළ යුතු අතර එම පරික්ෂණයන් ද සිදුකරන ඔහු පැවසුවේය.
මේ වන විට බරවා රෝගය වැළඳී ඇති බවට සැක කරන අලි ඇතුන් දෙදෙනෙකු පමණක් හමු වි ඇති බවත් අශෝක දංගොල්ල පැවසුවේය.