පෙම් සුව විඳි සරසවි යුවළගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ අයකු රිමාන්ඩ්

මාතර සම්පත්

රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුවකු සහ සිසුවියක් මාතර වෙරළ උද්‍යානයට ආසන්නයේ පාලු ස්ථානයක පෙම්සුව විඳිමින් සිටියදී එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු ඔවුන් රහසිගත ලෙස ජංගම දුරකථනයකින් වීඩියෝ කර පසුව මෙම දෙදෙනාට පෙන්වා බියගන්වා තිබේ.

බියට පත් මෙම විශ්ව විද්‍යාල සිසු යුවළ ඉදිරියට පැමිණි මෙම වීඩියෝ කළ පුද්ගලයා වීඩියෝව කිසිවෙකුට නොපෙන්වීමට නම් මුදල් දෙන්නැයි ඉල්ලා තිබේ.


එහෙත් ඔහු මුදල් නොගෙන එම ස්ථානයෙන් ගොස් ඇති අතර පසුව මෙම විශ්ව විද්‍යාල ශිෂ්‍යාවට ජංගම දුරකතනයෙන් අමතා මෙම වීඩියෝව කිසිවෙකුට නොපෙන්වීමට නම් තමා සමඟ ලිංගිකව එක්වන ලෙස පවසා තිබේ.

පසුව දිගින් දිගටම මෙම පුද්ගලයා විසින් මෙම ශිෂ්‍යාවට බලකිරීම නිසා මෙම යුවළ මේ බව මාතර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර තිබේ.

ඒ අනුව පොලිස් නිලධාරීන් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට ශිෂ්‍යාව ද යොදාගෙන සැලසුම් කර ඇත.

පසුව මෙය වීඩියෝ කළ තරුණයා විසින් නැවත වරක් මෙම තරුණියට තමා සමඟ එක්වන ලෙස බල කිරීමත් සමග පොලිස් නිලධාරීන්ගෙන් ලැබුණු උපදෙස් පරිදි ඇය කිසියම් ස්ථානයකට එන ලෙස මෙම පුද්ගලයාට පවසා තිබේ.

නමුත් එම පුද්ගලයා මෙම විශ්ව විද්‍යාල ශිෂ්‍යාවට අවස්ථා දෙකකදී ස්ථාන තුනකට එන ලෙස පැවසුවද පසුව ඔහු පවසා ඇත්තේ මාතර බ්‍රවුන්ස් හීල් ප්‍රදේශයේ වෙරළ අසල වැටකෙයියා පඳුරක් අසලට එන ලෙසයි.

ඒ අනුව කටයුතු කළ තරුණිය එම ස්ථානයට පැමිණි පසු ඇය රැගෙන යාමට සැකකරු උත්සාහ කරන අවස්ථාවේදී රහසිගතව සැඟ වී සිටි පොලිස් නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙවිනුවර රසාන්දෙනිය ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලංකා නාව්ක හමුදාවෙන් නෙරපා හැර සිටී චෝදනා රැසකට සම්බන්ධ පුද්ගලයෙකි.

විශ්වවිද්‍යාල ශිෂ්‍යාව බුත්තල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ශිෂ්‍යයා මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ දින ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගත කරන ලෙස නියෝග කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අධිකාරි චන්දන හේරත් සහ මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි විජේගුණවර්ධන යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජේතුංග උප පොලිස් පරීක්ෂක ජයලත් උප පොලිස් පරීක්ෂක එම් බී එස් ජයන්ත පොලිස් පරීක්ෂක අනිල් පොලිස් සැරයන් 55952 හේමන්ත පොලිස් සැරයන් 37535 ඉන්දික පොලිස් කොස්තාපල් 93683 රත්නායක යන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

Exit mobile version