පෙනි පෙනී අතුරුදන්වන අද්භූද මිනිසෙක් මාතර පරමුල්ල ප්‍රදේශ කළඹයි…

මාතර – සම්පත් –

මාතර පොල්හේන හා පරමුල්ල ප්‍රදේශයේ මාසයක පමණ කාලයක සිට අද්භූද පුද්ගලයෙකු සැරිසරණ බව දුටු ගම්මු   බියට පත්ව සිටිති.

සී.සී.ටී.වී දර්ශන

මෙම පුද්ගලයා නිවාස වලට එන අතර නිවැසියන් දුටු විට එක වරම නොදැනීම අතුරුදන් වන බව ප්‍රදේශවාසීහු  කියති.

මෙම පුද්ගලයා ⁣මීට පෙර දිවයිනේ සෙසු ප්‍රදේශවල හඳුන්වන ග්‍රීස් යකාට සමාන වුවත් මෙහි විශේෂත්වය ඔහු එකවර නොපෙනී යාමයි. ඔහු පිළිබඳව ස්ථාන කිහිපයකම ආරක්ෂිත කැමරාවලද සටහන් වී තිබේ.


සී.සී.ටී.වී දර්ශන

මෙම පුද්ගලයා මෙම පොල්හේන හා පරමුල්ල ප්‍රදේශවල සැරිසැරීම නිසා සැන්දෑ කාලයේ ගමේ තරුණයන් සහ ගම්වැසියන් රංචු ගැසී විමසිල්ලෙන් සිට ඇත. එම අවස්ථාවේද ඔහු එකවරම මෙම තරුණයන් දැක ඇති අතර ඔහු අල්ලා ගැනීමට ඒ අසලට යනවිට ඔහු නොපෙනී ගොස් තිබේ.

ඇතැම් විට නිවාසවල වහල උඩින් පැන ගොස් ඇතැයි කියන මෙම  පුද්ගලයා ගැන ප්‍රදේශවාසීන් පවසන්නේ මොහු මෙම ප්‍රදේශවල කිසිදු සොරකමක් හෝ දුරාචාරයක් සිදු කර නොමැති ය. එක් මොහොතක පොල්හේන නිවසක වහලක් උඩින් දකින ඔහු මිනිසුන් දකින විට එක්වරම අතුරුදන් වන බවත්, ඊට ස්වල්ප වෙලාවකට පසු කිලෝමීටර කීපයක් ඈතින් ඇති පරමුල්ල  ප්‍රදේශයෙන් මතුවන බවය.

මේ කුමණ හේතුවක් මත කවුරුන් විසින් මෙසේ ගම් වැසියන් බිය කරන්නේද යන්න ගැටළුවක් බව සමහරු කීවත්  ප්‍රදේශවාසීන් පවසන්නේ මෙය කිසියම් අද්‍යශමාන සිද්ධියක් බවයි. ප්‍රදේශවාසීහු මේ වනවිටත් බියෙන් පසුවෙති.

මෙම ප්‍රදේශවල ජනතාව මේ වනවිටත් මාතර පොලිසියට පැමිණිළි කිහිපයක්ම යොමු කර තිබේ. පොලිසියද අවස්ථා කිහිපයකදීම මෙම ප්‍රදේශයට පැමින නිරික්ෂණය කර ඇත. විශේෂයෙන්ම පොල්හේන සංචාර පුරවරයේ පොලිස් මුර කුටියක්ද ක්‍රියාත්මකව පවතී. සිද්ධිය සම්බන්ධව මාතර පොලිසිය රාත්‍රි කාලයේ ජංගම සංචාරක නිලධාරීන් කිහිප දෙනෙක්ම යොදවා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය පිළිබඳව මාතර පොලිසිය පරික්ෂණ සිදු කරයි.

Exit mobile version