පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) අද රාත්‍රී නිවේදනය කළේය.
මෙම මිල පහත දැමීම අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බව ද එම සංස්ථාව කීය.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11 කින් පහත දමා ඇත. ලීටරයක පැවති මිල රුපියල් 355කි. නව මිල රුපියල් 344කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 41 කින් පහළ දමා ඇත. පැවති මිල රුපියල් 420කි. නව මිල රුපියල් 379කි.
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 22 කින් පහත දමා ඇත. පැවති මිල රුපියල් 377කි. නව මිල රුපියල් 355කි.
ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් මිල පැවති මිලේම තව දුරටත් පවතින බවත් ඛනිජ තෙල් නිතිගත සංස්ථාව කියයි. ඒ අනුව ලංකා දුසු ඩීසල් ලීටරයක මිල රුපියල් 317 ක් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 202 ක් ලෙස නොවෙනස්ව පවතී