පුරාවිද්‍යා කැණීම් කරන කුරුඳුමලේ විහාරයට යාබද කෝවිලේ පිළිම නැතිවෙලා…

හින්දු පුදබිම් බෞද්ධ කරන්න ප්‍රතිමා රැසක් අතුරුදහන් කර ඇති බව කියා හිටපු ටී.එන්.ඒ මන්ත්‍රී රවිහරන් පොලිසි යයි....

දිනසේන රතුගමගේ –

මුලතිව් කුරුදුමලේ විහාරයට යාබදව පිහිටුවා ගෙන ඇති  හින්දු කෝවිලේ තිබූ භාණ්ඩ හා පිළිම රැසක් අතුරුදහන් වී ඇති බවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ උතුරු පළාත් සභාවේ   ටී.රවිහරන් මන්ත්‍රීවරයා  29 දා මුලතිව් පොලීසියට පැමිණිලි කොට තිබේ.

මුලතිව් ප්‍රදේශයේ පදිංචි මේ හිටපු මන්ත්‍රීවරයා මීට දින කීපයකට පෙර දෙමළ ජාතික සන්ධානයේ විශාල පිරිසක් සමග බලහත්කාරයෙන් කුරුදුමලේ විහාර භූමියේ කැණීම් සිදු කරණ ස්ථානයට යාමට ගොස් යුද හමුදාව සමග  මත ගැටුමක් ඇති කරගෙන තිබුණි.

දේශපාලනඥයින් පිරිසට පමණක් එහි යාමට අවසරය හිමි වීමෙන් පසුව ඔවුන් එහි ගොස් ආපසු පැමිණ ප්‍රකාශ කොට ඇත්තේ හින්දු ජනතාවට අයත් පුදබිම් බලහත්කාරයෙන් රාජ්‍ය නිලධාරීන් ලවා බෞද්ධාගමට හරවන බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ කිරීමට  ඇති අවශ්‍යතාවය නිසා හින්දු කෝවිල්වල තිබු පිළිම හා වෙනත්  භාණ්ඩ ඔවුන් විසින් අතුරුදහන් කොට ඇති බවත් මේ ක්‍රියාවන් සම්බන්ධයෙන් නීතියේ පිහිට පතන බවත් ප්‍රකාශ කරමින් මුලතිව් පොලීසියට පැමිණිල්ලක් දමා තිබේ.

Exit mobile version