පුදුකුඩුඉරිප්පු බෝම්බ පිපිරීමකින් කාන්තාවකට තුවාල

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුලතිව් පුදුකුඩීඉරිප්පු ඉරණපාලෙයි ප්‍රදේශයේදී ගෙවත්තක සිදු වූ බෝම්බ පිපිරීමකින් කාන්තාවක් තුවාල ලබා 15 දා සවස පුදුකුඩීඉරිප්පු රෝහලට ඇතුළත්
කොට තිබේ.

කාන්තවක් සිය නිවසේ කසල ගොඩකට ගිණි තැබූ අවස්ථාවේදී පොලොව යට වළලා තිබූ බෝම්බයක් හදිසියේම පිපිරී යාම නිසා කාන්තාව තුවාල ලබා ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.

මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මුලතිව් ඉරණපාලේ ගම්මානයේ අම්මාන් කෝවිල් පාරේ පස්වෙනි පටුමගේ පදිංචිව සිටි මනියරත්නම් ඉන්ද්‍රාණි නැමති 64 හැවිරිදි කාන්තාවකි.

පොලීසිය හා යුද හමුදාව සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version