පුතා සොයා ගන්නට විරෝධතාවයේ නිරතවූ අම්මා විරෝධතාවය මැද මිය යයි…

දිනසේන රතුගමගේ

යුද සමයේදී අතුරුදහන් වූ තම පුතා සොයා දෙන ලෙස ඉල්ලමින් මුලතිව් නගරයේ විරෝධතාවයේ නිරතව සිටි මවක්  හදිසියේ ඇති වූ හෘදයාබාධයකින්   ඊයේ (20) විරොධතාවය අතරතුර  මිය ගියාය. 

මෙසේ මියගොස් ඇත්තේ මුලතිව් පුදුකුඩීඉරිප්පු  කයිවේලී ප්‍රදේශයේ පදිංචි සුන්දරලිංගම් කනකමනී නැමති 57 හැවිරිදි මවකි.

ඇගේ පුතකු වූ සුන්දරලිංගම් සුරේෂ් නැමති අය 2009 වසරේදී අතුරුදහන් වීමෙන් පසුව මේ දක්වා තොරතුරක් නොමැති නිසා ඔහු සොයා දෙන ලෙස ඉල්ලමින් මේ මවද කණ්ඩායමක් සමග මුලතිව් නගරයේ විරෝධතාවයක නිරතව සිට තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇය එහිදී හදිසියේම අසනීප වීම නිසා මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.

Exit mobile version