පුතා ගැන අසමින් විරෝධතාවයේ යෙදුනු තවත් මවක් විරෝධතාවය අතර මිය යයි…

දිනසේන රතුගමගේ –

යුද සමයේදී අතුරුදහන් වූ තම පුතා සොයා දෙන ලෙස ඉල්ලමින් වවුනියාව නගරයේ අඛණ්ඩ  විරෝධතාවයක නිරතව සිටි මවක් ඊයේ ( 22 ) සවස හදිසි හෘදයාබාධයකින් මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වවුනියාවේ මරවන්කුලම් ප්‍රදේශයේ පදිංචි තාමෝදරපිල්ලේ පේරිම්බනායගී නැමති 61 හැවිරිදි කාන්තාවකි.

ඇයගේ පුතකු 2000 වසරේදී වවුනියාව නගරයට පැමිණි අවස්ථාවක අතුරුදහන් වූ බව පවසමින් මෙම මව තවත් පිරිසක් සමග දින 1465 ක කාලයක් අඛණ්ඩව විරෝධතාවයක නිරතව සිටියදී මිය ගොස් තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය සතියේදී මුලතිව් ප්‍රදේශයේ මවක්ද මේ අන්දමටම මිය ගියාය.

Exit mobile version