පුතාට වෙඩි තැබූ බව දැනගත් කම්පනයෙන් මව නිවස තුළම මිය ගිහින්…

ලලිත් චාමින්ද –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රත්ගම දේවපතිරාජ විද්‍යාලය අසලදි වු වෙඩි තැබිමකින් තුවාල ලබා සිය පුතා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළබව දැනගත් වයෝවෘද මවක් නිවස තුළ දීම මිය ගොස් තිබේ.

රෝගාතුරව නිවසේ එක්තැන්ව සිටි 72 හැවිරිද මවගේ මළ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන විත් ඇති බවත් වෙඩි කෑ පුතා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් රත්ගම පොලිසිය කියයි.

දේවපතිරාජ විද්‍යාලය අසල දී ඊයේ (05) රාත්‍රි 8.15ට පමණ මෙම වෙඩි තැබිම වි ඇති බව විමර්ශනවලදි අනාවරණය වි ඇත. වෙඩි කෑ මෙම පුද්ගලයා හඳුන්වන්නේ කුපියා නැමති අනවර්ත නාමයෙන් බවත් ඔහුගේ වම උරහිසට වෙඩි වැදි ඇති බවත් පොලිසිය පවසයි.

මෙම වෙඩිතැබීම ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඇති බවට සැකකරන බවද පොලිසිය පවසයි. මොහු පාසල අසල රැඳී සිටියදි යතුරුපැදියකින් පැමිණි අයෙකු මෙම වෙඩි තැබිම සිදුකොට ඇති බව මුලික විමර්ශනවලදි අනාවරණය වි ඇත.

තුවාලකරුගේ තත්වය බරපතල නොවන බවද පොලිසිය පවසයි.

රත්ගම පොලිසිය පරික්ෂණ පවත්වයි.

Exit mobile version