පුත්තලමේ මහා පරිමාණ කඩොලාන සංහාරයක්

පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන

කල්පිටිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත් විරුතෝඩෙ ග්‍රාම නිළධාරි වසමේ පුලිදිවායල්හි ඉස්සන් ගොවි පලක් ඉදිකිරීම සදහා අක්කර දෙකකට ආසන්න කඩොලාන සංරක්ෂිත ප්‍රදේශයක් කාර්යක්ෂම ජංගම කියත් ආධාරයෙන් කපා විනාශ කර ඇති බව හමුදා විශේෂ බුද්ධි ඒකකය මගින් අනාවරණය කර ඇති බව කියයි.

පුත්තලම පොලිස් බල ප්‍රදේශයට අයත් පුලිදිවායල් ප්‍රදේශයේ අක්කර දෙකකට ආසන්න අධි සංවේදී ස්භාවික කඩොලාන සංරක්ෂිත ප්‍රදේශයක් මෙලෙස ඉවක් බවක් නොතකා කාර්යක්ෂම ජංගම කියත් ආධාර කර ගිනිමින් දැවැන්ත කඩොලාන වනස්පතීන් බිම හෙළා ඇති ආකාරයක් දක්නට ලැබේ.


අදාප ප්‍රදේශය ඉස්සන් පොකුණු ඉදිකිරීමේ මුවාවෙන් සංවිධානාත්මක පිරිසක් ඇතුළු ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙකුගේ උපදෙස් මත මෙම දැවැන්ත පරිසර සංහාරය සිදුකර ඇති බවයි බුද්ධි අංශය කල මුලික විමර්ශණ වලදී අනාවරණය වී ඇති බව කියයි.

මෙම වන සංහාරය සදහා වසමේ ග්‍රාම නිළධාරි වරයා, වන සංරක්ෂණ නිළධාරින්, ජල ජීවි වගා අධිකාරිය, ප්‍රාදේශිය ලේකම් සෘජුව වග කිව යුතුව තිබියදී ඔවුන් නීති රාමුවෙන් ඔබ්බට ගොස් මුණිවත රැකීම බරපතල ගැටළු සහගත තත්ත්වයක් බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

මෙලෙස ස්භාවික කඩොලාන පද්ධතිය විනාශ කරමින් ඉස්සන් පොකුණු ඉදිකිරීමේ කූට ජාවාරම ඉවක් බවක් නොතකා ප්‍රදේශය පුරා සිදුව පවතින බවට ප්‍රදේශවාසීන් තරයේ බලධාරින්ට චෝදනා කරති.

අදාල භූමිය සදහා ව්‍යාජ ලෙස ඔප්පුවක් ප්‍රදේශයේ ප්‍රසිද්ධ නීතිඥයෙකු මාර්ගයෙන් සකසා අදාල ව්‍යාපාරිකයා එම ඔප්පුව සන්තකයේ තබා ගෙන මෙම වන සංහාරය සිදු කර ඇති බව මේ වන විට අනාවරණය වී ඇති බව බුද්ධි අංශ නිළධාරින් පවසයි.

අක්කර දෙකකට ආසන්න මේ මහා පරිමාණ කඩොලාන සංහාරය හේතුවෙන් නුදුරේදී ප්‍රදේශය පුරා උග්‍ර පාරසරික ගැටළු රැසක් පැන නැගීමේ දැඩි අවධානනම් තත්ත්වයක් උද්තගතව ඇති බව කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අධික වර්ෂාපතන සමයන් වලදී ඇති වන ගංවතුර ආපදා තත්ත්වයන් මැඩපැවැත්වීම සදහා මහෝපකාරි වන මෙම ස්භාවික කඩොලාන සම්පත වැනසීම නිසාවෙන් නුදුරේදී උග්‍ර ලෙස පාරසරික ගැටළු රැසක් පැන නැගීමේ දැඩි ප්‍රවණතායක් දක්නට ඇති බව කියයි.

Exit mobile version