පී.එච්.අයි ලා ලෙස ඇඳගත් කොල්ල කල්ලියක් නිවැසියන් මත් කොට ගේ කොල්ල කාලා…

මහජන සෞඛ්‍ය  පරික්ෂකවරුන් ලෙස සැරසුන කොල්ලකාර හොරු පිරිසක් සවස (29) රාත්‍රියේ  අඹන්පොළ කැත්තපහුවෙ නිවසිකට පැමිණ ඔවුන්ව පරීක්ෂා කිරීම සඳහා යැයි  බෙහෙත් වර්ගයක් දී මත් කර නිවසම කොල්ල කෑ බව  කියන පුවතක් මහව පොලිසියෙන් වාර්තා වේ.

වාර්තාවන පරිදි කතාව මෙසේය.

මේ ඛණ්ඩායම පැමිණ ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්සේ සැරසීගෙනය.  පැමිණ නිවැසියන් මාරවිල ප්‍රදේශයේ සංචරණය කළ බවට ලද තොරතුරක් පිට පැමිණි බවත්, ඒ ගැන තොරතුරු ගැනීමට පැමිණි බවත් කියා තොරතුරු සටහන් කරගන්නා බව පෙන්වමින් මෙම නිවැසින් සියලු දෙනා පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කළ යුතු බව පවසා තිබේ.


ඊට පෙර ඖෂධයක් ලබා දිය යුතු බව කී පිරිස නිවැසියන්ට පෙති වර්ගයක් ලබා දි තිබේ.  තමන්ට මතක එපමණක් බවත් ඇහැරෙන විට අද (29) උදෑන 9.30 බවත්, ඇහැරී වටපිට බැලූ පසු නිවසේ තිබුණු රන් ආභරණ, මුදල් ඇතුළු  වටිනා බඩු භාණ්ඩ කිසිවක් නොතිබුණු බවත්ය.

සිද්ධිය පිළිබඳ නිවැසියන් මහව පොලිසියට පැමිණිලි කර තිබේ. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහව පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි. 

 

 

 

Exit mobile version