පී.එච්.අයි මහත්වරුන්ට කෙළ ගැසූ අටලුගම ආසාදිතයා 17 දා තෙක් රක්ෂිත බන්ධනාගාරයට…

කොවිඩ් ආසාදිත බව තහවුරු වූ පසු නිරෝධායනය සඳහා රැගෙන යාමට පැමිණි පී.එච්..අයි මහත්වරුන්ට බැන වදින ආසාදිත පුද්ගලයා..

පී.එච්.අයි. මහත්තුරුන්ට කෙළ ගැසූ බණ්ඩාරගම  අටලුගම ප්‍රදේශයේ කොවිඩ් ආසාදිත පුද්ගලයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 17 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් පසු ලද නියෝගයක් අනුව මෙම සැකකරු අද පෙරවරු 9.20 ට පමණ පොලිසිය විසින් අත්අඩංගුවට  ගෙන   වීඩියෝ තාක්ෂණය ඔස්සේ පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිරෝධායන පනත සහ රාජ්‍ය සේවකයෙකුගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කෙරුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිසිපති අජිත් රෝහණ මාධ්‍යයට පැවසීය.


Exit mobile version