පී.එච්.අයි ට කෙළ ගැසූ පුද්ගලයා 17 තෙක් රිමාන්ඩ්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියෙකුට කෙළ ප්‍රහාරයක් එල්ල කළ සැකකරුව අද කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොවිඩ් ආසාදිත බව සැක කරන පුද්ගලයෙක් පිළිබඳ පරීක්ෂා කිරිම සඳහා ඊයේ (03) ගිරිඋල්ල පොලිස් වසමේ පුස්කොලදෙණිය ප්‍රදේශයේ නිවසකට ගිය නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට මෙම මෙම කෙළ ප්‍රහාරයක් එල්ලවී තිබුණි.

අදාළ සැකසහිත පුද්ගලයා සිටින නිවසට ගිය අවස්ථාවේදී එම පුද්ගලයාගේ පියා විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ රාජකාරියට බාධා කරමින් පහරදීමට තැත්කර ඇති අතර පසුව එම කෙළ ප්‍රහාරය එල්ල කර තිබේ.

ඔහු 48 හැවිරිදි පුද්ගලයෙකු වන අතර එම අවස්ථාවේදී ඔහු මත්පැන් පානය කර සිටි බවද වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Exit mobile version