පීසීආර් – ඇන්ටිජන් මිල පාලන ගැසට්ටුව හෙට… රුපියල් 9500 පී.සී.ආර්. හෙට සිට 6000යි. රැපිඩ් රුපියල් 2000යි..

COVID-19-PCR-tests-doctor-swab-test

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පීසීආර් සහ ඇන්ටිජන් පරික්ෂණ මිල නියාමන ගැසට්පත්‍රය හෙට (12) නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

මේ අනුව පීසීආර් පරික්ෂණයක් සදහා රුපියල් 6,500ක මුදලක් සහ ඇන්ටිජන් පරික්ෂාවක් සඳහා රුපියල් 2000ක මුදලක් නියමවනු ඇත.

මේ අනුව පෞද්ගලික අංශය මගින් සිදුකරනු පීසීආර් සහ ඇන්ටිජන් පරික්ෂාවන් සඳහා අයකරනු ලබන මිල ගණන් නියාමනය වනු ඇත.

දිස්ත්‍රික්ක 21ක පාරිභෝගික නිලධාරීන් රෝහල් 45ක පීසීආර් සහ ඇන්ටිජන් පරික්ෂණ මිල විමර්ෂණය කළ අතර එහිදී රුපියල් 5,500, 9,750, අතර මිලක් පීසීආර් පරික්ෂාවන් සඳහා අයකර තිබුණ අතර ඇන්ටිජන් පරික්ෂාවන් සඳහා රුපියල් 2000 – 5,500 දක්වා මිල ගණන් අය කර තිබුණ බව හෙලිවිනැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම මිලගණන් සලකා බලා ජනතාවට සාධාරණයක් මිල ගණනක් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය ඇමතිවරිය ප්‍රමුඛ කමිටුව පියවර ගෙන ඇත.

Exit mobile version