පිළිකා රෝගීන්ට අත්‍යාවශ්‍ය ඖෂධ 23න් 13ක්  අපේක්ෂා රෝහලේ නෑ…  මධ්‍යම බේත් ගබඩාවෙත් නෑ..

 පරිත්‍යාගශීලීන් දුන්න වෙලාවට රෝගීන්ට දෙනවා - රෝහල් ප්‍රකාශකයෙක්… අපේක්ෂා රෝහලෙන් කවදාවත් අහන්න අපේක්ෂා නොකළ කතාවක්…  

ශ්‍රියානි විජේසිංහ –                                        

මහරගම අපේක්ෂා රෝහල තුළ අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ 23න් ඖෂධ 13ක ගිඟයක්  පවතින බවත් එම හිඟ ඖෂධ මාස තුනක පමණ කාලයක සිට ලබා ගන්නේ පරිත්‍යාගශීලීන්ගෙන් බවත් රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙම ඖෂධ රජයේ මධ්‍යම ඖෂධ ගබඩාව තුළද නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇතැයි හෙතෙම කීවේය.

පරිත්‍යාගශීලීන්ගෙන් මෙම ඖෂධයන් ලැබෙන මොහොතේදී සිටින රෝගීන්ට ලබා දුන්නද ඒවා අවසන් වූ පසුව නැවත රෝගීන්ට ලබා දීමට පරිත්‍යාශීලීන් අදාල ඖෂධයන් ලබාදෙන තෙක් බලා සිටීමට සිදුවෙන බවද ඔහු සඳහන් කළේය.

මේ හේතුවෙන් රෝගීන්ට අවශ්‍ය පිළිකා ඖෂධයන් ලබාගැනීමට රෝහලේ අධ්‍යක්ෂවරයා , විශේෂඥ වෛද්‍යවරුන්, ඖෂධවේදීන්, ඇතුළු පිරිස පරිත්‍යාගයන් සොයා ගැනිමට දැඩි වෙහෙසකර කාර්යයක නිරතවන  බවත් ඒ සඳහා රෝහල තුළ පරිත්‍යාග ලබා ගැනීමට ඖෂධවේදියෙකු පත්කර  වෙනමම කළමනාකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ බවත්  එම ප්‍රකාශකයා පැවසීය.


කෙසේ නමුත් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන ඖෂධ ප්‍රමාණවත් නොවන අවස්ථාවන් වලදී රෝගීන්ට අධික මිල ගණන් යටතේ ඖෂධ පිටතින් ලබා ගැනීමට සිදුව ඇති බවත් මේවා රුපියල් 5000 සිට 50000 දක්වා මිල ගණන් යටතේ අලෙවි වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රෝගීන්ටවන අපහසුව  මගහරවා ගැනීමට දායක වීමට හැකි පරිත්‍යාගශීන් වෙතොත් 0777468503 දුරකථන අංකයෙන් ඖෂධ කළමණාකරන මධ්‍යස්ථානය අමතා සහය විය හැකි බවද සදහන්වේ.

 

Exit mobile version