පිහි ඇණුමකින් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙකු මරුට

බ්‍රිතාන්‍යයේ කෙන්සවේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ශ්‍රීමත් ඩේවිඩ් ඒමස් පිහි ඇණුමකට ලක්ව මියගොස් ඇතැයි වාර්තාවේ.

මරණයට පත් මන්ත්‍රීවරයා නැගෙනහිර එංගලත්යේ පිහිටි දේවස්ථානයකදී සිය ඡන්ද දායකයින් සමඟ පැවැත්වූ සාකච්ඡාවක් අතරතුරදී මෙලෙස අවාසනාවන්ත ලෙස පිහි ඇනුමකට ලක්ව ඇති බව බි්‍රතාන්‍ය මාධ්‍ය සඳහන් කරයි.

අදාල පහරදීම සිදු කළ පුද්ගලයා විසින් මන්ත්‍රීවරයාට පිහි ඇණුම් කිහිපයක්ම සිදුකර ඇති බවට වර්තා වන අතර ප්‍රථමාධාර ලබාදීම සිදු කළද ඔහු එම ස්ථානයේදීම මරණයට පත්ව ඇති බවට සඳහන්ය.


ප්‍රහාරයට සැකපිට 25 හැවරිදි පුද්ගලයෙකු මේවනවිටත් අත් අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍ය පොලිසිය සමත්ව ඇති බවත් ප්‍රහාරය එල්ල කළ පිහිය ද සොයා ගැනීමට සමත්ව ඇතිබවත් වෙනත් පුද්ගලයෙකු ප්‍රහාරයට සැක නොකරල බවද බීබීසී පුවත්සේවය වාර්තා කරයි.

කෙසේ වෙතත් ප්‍රහාරය හේතුව තවමත් අනාවාරණය වී නොමැති බවත් සිද්ධය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බවද බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මරණයට පත් 69 හැවරිදි මන්ත්‍රීවරයා 1983 වර්ෂයේ සිට මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කර ඇති අතර බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුව නියෝජනය කළ පරිණතම දේශපාලඥයෙකු වේ.

Exit mobile version