පිලිස්සී මළ මෙහෙකාර දැරියගේ සිද්ධියට බදියුදීන් අත්අඩංගුවට…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහෙකාර සේවයේ යොදවා සිටි බාලවයස්කාර දැරිය පිලිස්සී මිය යාම සම්බන්ධයෙන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් අත්අඩංගුවට ගන්නා බව නීතිපතිවරයා විසින් ඊයේ (26) අධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපතිවරයා මේ බව අධිකරණයට දැනුම් දුන්නේ මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී ගිනි ගැනීමක් හේතුවෙන් මියගිය බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් නීති කෘත්‍යය අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී ය.

මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සියලු දෙනාම එළඹෙන 09 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Exit mobile version