පිට දිස්ත්‍රික්කවලට විභාගයට යන්නට සිටි ගම්පහ දරුවන්ගේ අලුත් විභාග මධ්‍යස්ථාන මෙන්න

ගම්පහ දිස්ත්‍රික්කයේ සිට වෙනත් දිස්ත්‍රික්කවල ඇති පාසල්වල සහ විභාග මධ්‍යස්තානවල පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටින සිසුන් සඳහා මෙම සිසුන් ජීවත් වන එක් එක් පොලිස් බල ප්‍රදේශ තුළ විශේෂිත විභාග මධ්‍යස්තානයක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය අද තීරණය කළේය.

කොවිඩ් වසංගත අවදානම් තත්ත්වයක් පැවතීමත් මෙම සිසුන්ට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම මැද විභාගයට මුහුණ දීමට සිදුවීමත් සෙසු සිසුන්ගේ සහ විභාග කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යාරක්ෂාවත් යන කරුණු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

අධ්‍යාපන අමාත්‍යංශය විසින් එක්රැස් කරන ලද දත්තවලට අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සිට පිට දිස්ත්‍රික්කවලට යන සිසුන්ගෙන් වැඩිම පිරිසක් ගමන් කරන්නේ කොළඹ නගරය තුළ පිහිටි ප්‍රධාන පෙළේ පාසල්වලටය. එයින්ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම සිසුන් පිරිසක් කොළඹ දේවි බාලිකා විද්‍යාලයට වන අතර සෙසු පාසල්වලටද සැලකිය යුත සිසුන් පිරිසක් පැමිණෙති. එසේම ගම්පහ යාබදව ඇති කෑගල්ල, කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රිතක්කයේ පාසල්වලටද ඇතැම් සිසුහු ගමන් කරති.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සිසුන් ට තම පදිංචියට අයත් පොලිස බල ප්‍රදේශයට අදාල විභාගමධ්‍යස්තා මෙසේ වෙයි.

Exit mobile version