පිටිපන ලෙල්ලමේ දී හිසට වෙඩි තබා මරා දැමූ තරුණ කායවර්ධන ක්‍රීඩකයාගේ ඝාතනය ගැන පැති කීපයකින් පරීක්ෂණ ඇරඹෙයි!

මීගමුව පිටිපන ලෙල්ලමේ මාළු වෙන්දේසි පොළ අසල දී   පෙරේදා (12දා) උදෑසන හිසට වෙඩි තබා ඝාතනයට ලක්කළ  කඩවසම්  තරුණ කායවර්ධන ක්‍රීඩකයාගේ ඝාතනය සම්බන්ධව පැති කීපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක් වූයේ දුම්ගල්පිටිය ලෙල්ලමේ රථ ගාල පරිපාලනය ටෙන්ඩර් මගින් ලබා ගත් පුද්ගලයා ලඟ  රැකිකයා කරමින් එහි නවත්වන  වාහන සඳහා ගාස්තු අයකිරීම රැකියාව ලෙස කළ මීගමුවේ උතුර පිටිපන පදිංචිව සිටි  නයිදප්පුලාගේ  ධනුෂ්ක ඇන්ජන් උමයංග නැමැති   තරුණ කායවර්ධන ක්‍රීඩකයාය.

ලෙල්ලමේ සිය රැකියාවේ යෙදී සිටිය දී  පසුගිය සෙනසුරාදා උදෑසන 9.15ට පමණ යතුරු පැදියකින් පැමිණි ඝාතකයා තරුණයා අසලටම ගොස් මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියකින් ඔහුගේ හිසට වෙඩි තබා ඝාතනය කර නැවත යතුරු පැදියේ නැගී පලා යන්නේ  ලෙල්ලමේ සිටි දෙනෝ දාහක් මැදය.

ඝාතනය සම්බන්ධව පැති කීපයක් ඔස්සේ පොලිස් විමර්ශන යොමු වී ඇත.


මෙම ඝාතනය කොන්ත්‍රාත්තුවක් මත කළ එකක් යැයි සැක කරන බවත්,  ඒ සම්බන්ධව  වැඩි සැකය දැනට ඩුබායි රාජ්‍යයේ සිටින හීනටියන මහේෂ් වෙත යොමුවන බවත් විමර්ශන අංශ පවසයි..

මෙම තරුණයා මෑතක දි පැවැත්වෙන කායවර්ධන තරගයකට ඉදිරිපත් වීමට සූදානමින් සිට ඇති බවත් ඝාතනය හා මේ තරගය අතර සම්බන්ධයක් තිබේදැයි විමර්ශන අංශවල අවධානයට යොමු වී ඇත.

ප්‍රධානම සැකය යොමු වී ඇත්තේ මෙම තරුණයා  යම් කාන්තාවක් සම්බන්ධ ආරවුලකට පැටලී සිටීම සම්බන්ධව බවත්, මේ ආරවුල මුල් කරගෙන  යම් කෙනෙක් කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇතිදැයි සැකයක් ඇති බවත් පොලිසිය පවසයි.

සීසීටීවී දර්ශන අනුව සහ ඝාතකයන් පැමිණි යතුරුපැදි අංකය අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම අසීරු නොවන අතර මියගිය තරුණයාට ලැබුණු දුරකථන පණිවුඩ අංක ද  විමර්ශනවලට යොදාගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිිසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version