පිටරටින් එන ඉස්ලාම් ආගමික පොත්වලට ආරක්ෂක අමාත්‍යංශ අනුමැතිය අනිවාර්යයි

ශ්‍රි ලංකාවට විදේශ රටවලින් ගෙන්වනු ලබන ඉස්ලාමීය ආගමික කරුණු ඇතුළත් පොත් මෙරටට ගෙන්වීමේදි ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලබා ගත යුතු බවට නියෝග කර තිබේ.

පසුගිය මාසයේ එක්තරා ඉස්ලාමීය පොත් ආනයනකරුවෙක් මෙරට ආගමික සංහිඳියාට බාධා කරන සලාෆි සහ වහාබ් අන්තවාදී මතය පතුරුවන ග්‍රන්ථ හතරක් ගෙන්වා ඇති බව අනාවරණය වීමෙන් පසුව මෙම තීරණය ආරක්ෂක අමාතයංශය විසින් ගනු ලැබ ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට රේගුවේ සියලුම අංශ වෙත සහ ඉස්ලාම් ආගමික කටයුතු පිළිබඳව දෙපාර්තමේන්තුවටත් බුද්ධ ශාසන සහ ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යංශයටත් ආරක්ෂක අමාත්‍යංශය විසින් අදාළ උපදෙස් ලබා දී ඇති අතර පසුගිය 05 වැනිදා සිට මෙම නියෝගය ක්‍රියාත්මක වන බව රේගු ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.


Exit mobile version