පිටරටින් එන්නත් එන තුරු නොසිට දේශීය ආයුර්වේද වට්ටෝරු ගැන විශ්වාසය තියන්න…

හිටපු ආයුර්වේද කොමසාරිස් රජයෙන් ඉල්ලයි...

නතාෂා නෙත්මිණි –                                          

මේ වන විට ‌ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා රෝගයට හෙළ වෙදකම තුල සාර්ථක ප්‍රතිපල පෙන්වන ඖෂධයන් තිබිය හැකි බැවින් විදේශීය රටක නිෂ්පාදනය කරන එන්නතකට අවධානය යොමු කරනවා ට වඩා දේශීය ආයුර්වේද ඖෂධ වට්ටෝරු කෙරෙහි විශ්වාසය තබන්නැයි පළාත් ආයුර්වේද කොමසාරිස් ලෙස කටයුතු කල වෛද්‍ය නිමල් කරුණාසිරි   රජයෙන් ඉල්ලා සිටියි‍.

අපගේ ඖෂධ වට්ටෝරු 60000ක් පමණ පුස්කොළ පොත්වල සටහන්ව පවතින බැවින් නව විද්‍යාත්මක දැනුම උපයෝගි කර ගනිමින්  එම වට්ටෝරු සම්බන්ධයෙන් පර්යේෂණ ආරම්භ කරන්නැයි හෙතෙම ඉල්ලීමක් කරයි.

දේශීය ඖෂධයන් තුල රෝග රාශියක් සුවපත් කිරීමේ හැකියාව පවතින බව දේශීය ආයුර්වේද හා හෙළ වෙදකමේ දැනුම  දන්නා කරුණක් බවත් මේවා නොසලකා හරිමින් විදේශීය රටවල නිෂ්පාදනය කරන එන්නත් ගැන අවදානය යොමුකර සිටීම කණගාටුවක් යැයිද ඔහු පෙන්වාදේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට ‌ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා රෝගයට හෙළ වෙදකම තුල සාර්ථක ප්‍රතිපල පෙන්වන ඖෂධයන් තිබිය හැකි බැවින් විදේශීය රටක නිෂ්පාදනය කරන එන්නතකට රුපියල් බිලියන 10ක් වෙන්කිරීමට රජය තිරණය කර තිබෙන මොහොතක එක් බිලියනයක් යොදවා  දේශීය ඖෂධවට්ටෝරු පර්යේෂණයට ලක් කරන්නැයි වෛද්‍ය කරුණාසිරි මහතා රජයෙන් ඉල්ලා සිටියි.

 

Exit mobile version