පිටකෝට්ටේ ලංකාරමයෙන් අතුරුදහන් වූ කෝටි හතර හමාරක් වටිනා ප්‍රතිමාව අවුරුදු 13කට පසු රැස්වෙහෙර පන්සලෙන් හමුවෙයි!

පිටකෝටේටේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයෙන් අවුරුදු 13කට පෙර අතුරුදහන් වූ කෝටි හතර හමාරකට වැඩි වටිනාකමක් සහිත, කිලෝ 45ක් බර පෞරාණික ප්‍රතිමාවහන්සේ නමක් ප්‍රකට  රැස්වෙහෙර විහාරස්ථානයේ තිබී සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශකයින්ට හැකි වී තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

පිටකෝට්ටේ ආනන්ද බාලිකා මාවතේ පිහිටි ලංකාරාම විහාරස්ථානයේ වැඩ වාසය කරන ආචාර්ය හුණුපලගම වජිර හිමියන් වර්ෂ 2010. 01.20 දින පොලිසියට පැමිණිල්ලක් කළහ.

එම පැමිණිල්ලේ කියැවුනේ තමන්වහන්සේ වැඩ වාසය කරන පන්සලේ වැඩසිටි කෝටි හතර හමාරකට වඩා වඩටිනාකමක් සහිත පෞරාණික ප්‍රතිමවහන්සේ නමක් අතුරුදහන් වී ඇති බවය. ප්‍රතිමාවේ බර කිලෝ හතලිස් පහක් ඉක්ම වූ බවද උන්වහන්සේ පැමිණිලි කළහ.


එම පැමිණිල්ලට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබිණි. එහෙත් නිශ්ඡිතව ප්‍රතිමාව ගැන තොරතුරක් ලැබී තිබුණේ නැත.

මේ අතර ලැබුණු තොරතුරකට අනුව පසුගිය දා මෙම ප්‍රතිමාවහන්සේ මීගලෑව පොලිස් වසමට අයත් ප්‍රකට රැස් වෙහෙර විහාරස්ථානයෙන් සොයා ගැනීමට විමර්ශකයින්ට හැකි වී ඇත.

මේ පිළිබඳව කළ විමසීමක දී විමර්ශන අංශ වෙත ප්‍රකාශයක් කරමින් රැස්වෙහෙර විහාරාධිපති කලංකුච්චියේ රාහුල හිමියන් පවසා ඇත්තේ එම ප්‍රතිමාවහන්සේ ආරක්ෂාව සඳහා තමන් භාරයේ තියා ගත් බවය.

ප්‍රතිමාව තමන්ට ලබා දුන්නේ මහනුවර අස්ගිරිය වැල්ලව විහාරස්ථානයේ වැඩවාසය කළ ස්වාමීන්වහන්සේ නමක් බවත් උන්වහන්සේ විහාරස්ථානයෙන් පිටවී යන විට මෙම ප්‍රතිමාව තමන්ට ආරක්ෂා කිරීම සඳහා ලබා දුන් බවත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version