පෑලියගොඩ කොවිඩ් සමග මාළු පරිභෝජනය පහළ වැටේ.

මාතර – සම්පත් –

පසුගිය දා පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොලෙන් කොරෝනා ආසාදිතයන් හමුවීමත් වැලිගම මහවීදියේ ධීවරයෙකුට කොරෝනා ආසාදනය වීමත් සමඟම මාළු ⁣පරිභෝජනට සඳහා පාරිභෝගික ජනතාව තුළ භීතියක් ඇති වී තිබෙන බව ධීවර කර්මාන්තයේ යෙදෙන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ  පවසති.

මේ සඳහා ප්‍රධාන හේතුව ලෙස ඔවුන් පවසන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපළේ කටයුතු අඩපණ වීමත්  මාලු වෙළෙඳුන්  බහුතරයකට කොවිඩ් ආසාදනය වීමත් ය.   

ඇතැම් විට එම බිය සාධාරණ බියක් විය හැකි බව පෙන්වන මේ ව්‍යාපාරික ප්‍රජාව මුළු කර්මාන්තයම විශාල ප්‍රපාතයකට තල්ලු වී යන බව පෙන්වා දුන්නේය.   සුළු ධීවරයන්ට ජීවත් වීමට නොහැකි තත්වයට අසරණ වී ඇති බව ඔව්හු වැඩි දුරටත් කියති.


වැලිගම මහවීදියේ මාලු වෙළෙන්දෙකුට කොරෝනා ආසාදනය වී ඇති අතර පෑලියගොඩ ප්‍රදේශයට මාලු රැගෙන ගිය ධීවරයින් ඇතුළු ධීවර පවුල් දහයක් මේ වනවිට නිරෝධායනයට ලක්කර තිබේ. මේ හේතුවෙන් වැලිගම කප්පරතොට , මිරිස්ස දෙවිනුවර හා කුඩාවැල්ල ධීවරයන්ගේ මාලු අලෙවියේ සීග්‍ර අඩුවක් දක්නට ලැබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කුකුළුමස් සඳහා ද ඉල්ලුම අඩු වෙමින් ඇත.  බිත්තර අලෙවියේ ඉහළ යාමක් ද දක්නට ලැබේ…

Exit mobile version