පැරණි වන මං ඔස්සේ පා ගමනින් මඩු වන්දනාවට යන පුරාණ චාරිත්‍රය ඇරඹෙයි

Madu 0002

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉපැරණි චාරිත්‍රයක් අනුව වන ගත මාර්ග ඔස්සේ මන්නාරම මරුද මඩු දෙවස්ථානයේ වාර්ෂික මංගල්ලයට සහභාගිවන බැතිමතුන් මුලතිව් වනය මැදින් 10 දා මඩු දේවස්ථානය වෙත ගමන් ඇරඹූහ.

වෙනත් වසර වල මෙසේ පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව 400 ක් පමණ වූවත් මෙවර එම පාද චාරිකාවට සහභාගී වී ඇත්තේ බැතිමතුන් 12 දෙනෙකු පමණි.

යාපනය මන්නාරම කිළිනොච්චිය වවුනියාව යන ප්‍රදේශ වලින්ද බැතිමතුන් වන ගත මාර්ග ඔස්සේ මඩු දේවස්ථානය වෙත අගෝස්තු මස 14 වනදා වන විට ළගා වී 14 රාත්‍රීයේ හා 15 උදෑසන පැවැත්වෙන මඩු වාර්ෂික මංගල්ලයට සහභාගී වීම අනාදිමත් කාලයක සිට පැවති චාරිත්‍රයක් වූ නමුත් කොරෝනා වසංගතය නිසා මෙවර සහභාගී වී ඇත්තේ මුලතිව් පළාතේ ඉතා අඩු පිරිසක් පමණි.

Exit mobile version