පැරණි ඕලන්ද රෝහලේ කුලිය අඩකින් අඩුවේ

කොළඹ කොටුවේ පිහිටි පැරණි ඕලන්ද රෝහල (ඕල්ඩ් ඩච් හොස්පිට්ල්) පරිශ්‍රයේ ඇති සියලුම ව්‍යාපාරවල මාසික කුලිය මෙම වසර අවසන් වන තෙක් සියයට 50කන් අඩු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.

විශේෂයෙන් දේශීය සහ විදේශීය ආගන්තුකයන් වැඩියෙන් ආකර්ෂණීය වූ මෙම ස්ථානයේ ව්‍යාපාර කොවිඩ් 19 වසංගතතයත් සමඟ බිඳ වැටීම හේතුවෙන් මෙම සහනය ලබාදිමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.

මෙම සියයට 50හේ සහනය පසගිය මාර්තු මස සිට බලාත්මක වන පරිදි ක්‍රියාවට නැංවීමට නියමිත ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශේෂයෙන් ආහාර පාන සේවා සපයන ආයතන කිහිපයක් ඇතුළු ආයතන ගණනාවක් මෙම පරිශ්‍රයේ ව්‍යාපාර පිහිටුවා ඇති අතර ඔවුන්ගෙන් පසුගිය පෙබරවාරි මස 29 වැනිදා වන තෙක් හිග කුලී පැවැති ආයතනවලට මෙම සහනය නොලැබෙනු ඇති බවද නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

Exit mobile version