පැය 24ක් තුළ අපරාධ සැකකරුවන් 2563ක් පොලිස් අත්අඩංගුවේ….

අද (19) අළුයම 5.00 න් අවසන් වූ පැය 24 තුළ විවිධ අපරාධවලට සම්න්ධ සැකකරුවන් 1563 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය වාර්තා කරයි. එසේ අත්අඩංගුවට පත්වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කරුවන් කොටුකර ගැනීමට දිවයින පුරා කළ විශේෂ මෙහෙයුමකින් පසුවය.

එම මෙහෙයුමේදී වරෙන්තු කරුවන් 771 දෙනෙක්, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 521 දෙනෙක්, නීති විරෝධි මත් පැන් සම්බන්ධයෙන් 238 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊට අමතරව සම්බාහන මධ්‍යස්ථාන ලෙස ගණිකා නිවාස පවත්වාගෙන යාම්, පස්වැලි ප්‍රවාහනය කිරීම්, සහ නීති විරෝධී සිගරට් අලෙවි කිරීම් ආදිය සම්බන්ධයෙන්ද සැකපිට පුද්ගලයින් 41 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිස් මූලස්ථානය සදහන් කරයි.


Exit mobile version