පැය 05ක මෙහෙයුමකින් පසු වගා ළිඳක වැටුණු වන අලියෙක් බේරා ගනී!

මනම්පිටිය  නිමල් ජයරත්න –

දිඹුලාගල නිදන්වල ජල ව්‍යාපෘති ළිඳකට වැටී සිටි වන අලියකු  අද (02)   වෙහෙරගල වනජීවී නිලධාරීන් විසින් පැය පහක පමණ මෙහෙයුමකින් අනතුරුව ගොඩට ගෙන නිදන්වල රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කළේය.

මෙම වන අලියා ගොඩට ගැනීමට සඳහා ලිඳේ බැම්ම කැපීමට රැගෙන ආ ජේ,සී,බී. යන්ත්‍රයටද අලියා පහර දුන්නේය.

ඉකුත් පළවෙනිදා රාත්‍රියේ මෙම අලියා නිදන්වල ජල ව්‍යාපෘතියේ ළිඳට වැටී ඇති අතර ඒ පිළිබද, ගම්වාසින් විසින් වෙහෙරගල වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමත් සමග ඔවුන් පැමිණි මෙම අලියා ගොඩට ගැනීමට කටයුතු කළේය,

වන අලියා ගොඩගැනීම සඳහා අරලගංවිල පොලිසියේ සහාය මෙන්ම නිදන්වල ගම්වාසී තරුණ‍යින්ගේ සහයෝගයද ලැබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වෙහෙරගල අඩවි සහකාර ඩබ්ලිව්.ජී වීරසිංහ, සහකාර අඩවි ආරක්ෂක එස්.ඒ වික්‍රමරත්න,   ඇතුළු වනජීවී නිලධාරීන්  මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළේය.

Exit mobile version