පැනගිය කොවිඩ් රෝගියා කොළඹ දී අල්ලයි

අද උදෑසන අංගොඩ අයි.ඩී.එච් බෝවන රෝග විද්‍යායතනයෙන් පැන ගිය කොවිඩ් 19 ආසාදිත පුද්ගලයා මීට ටික වෙලාවකට පෙර කොළඹ ජාතික රෝහලේ අංක -5 ගේට්ටුව ආසන්නයේදී අල්ලා ගත් බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර ද සිල්වා මහතා පවසයි.

මත් ලෝලියකු වන මෙම කොවිඩ් රෝගියා නේවාසික ව ප්‍රතිකාර ගත් අතර අද උදෑසන රෝහලෙන් පැන ගොස් තිබුණි.

ඔහු සොයා කණ්ඩායම් කිහිපයක්ම දැඩි සෝදිසි මෙහෙයුමක් කළ අතර එම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස යුධ හමුදා කණ්ඩායමක් විසින් ඔහු අල්ලාගෙන ඇති බව වාර්තා වේ. මොහොමඩ් කාසිම් මොහොමඩ් නසීම් යන මෙම පුද්ගලයා ත්‍රිකුණාමල චීනවරාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු ආ ගිය තැන් පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ලබා ගැනීමට නියමිත අතර ඒ අනුව ඉදිරි පියවර ගනු ඇති අතර යලිත් මෙම රෝගියා එම රෝහලටම ඇතුළු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.

 

Exit mobile version