පැනගිය කොවිඩ් රෝගියා අල්ලා යළිත් රෝහලට… බසයේ සිටි 20ක් නිරෝධානයනයේ…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් වාට්ටුවෙන් පැන ගිය අසාදිතයෙකු අල්ලා යළිත් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත භාරදුන් බව නාවලපිටිය කුරුදුවත්ත පොලිසිය පවසයි.

අසාදිතයා නාවලපිටිය කුරුදුවත්ත පදිංචි 31 වියැති පුද්ගලයෙකු බවත් ඔහු පසුගිය (20) දින පස්බාගේ කොරළේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් කුරුදුවත්ත නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමුකර තිබෙන බවත් සෞඛ්‍ය අංශ කියයි.

එම පුද්ගලයාගේ රෝගී තත්ත්වය උත්සන්න විම නිසා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකට ඇතුළත් කර තිබෙන අතර පසුගිය (25) දින පෙරවරු 8.00 ට පමණ ඔහු වාට්ටුවෙන් පැන ගොස් ඇත.

මේ සම්බන්ධව නාවලපිටිය රෝහලේ ආරක්ෂක අංශ විසින් කුරුදුවත්ත පොලිසිය දැනුවත් කිරිමෙන් පසු අසාදිතයා ඔහුගේ නිවස කරා යමින් සිටියදී කුරුදුවත්ත මේරිවල පොලිස් මුරපොළේදී අල්ලා ගිලන් රථයකින් යළිත් නාවලපිටිය රෝහලට යොමුකර තිබේ.

එම පුද්ගලයා රෝහලින් පලාගොස් ලංගම බස් රථයකින් නිවෙස කරා ගමන් ගෙන තිබෙන අතර බස් රථයේ ගමන් ගත් මගීන් 20 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

Exit mobile version