පාස්කු සමූල ඝාතන චෝදනා ඉදිරියට දමා කාදිනල්තුමා ධූර කාලය දීර්ඝ කර ගැනීමට හදනබවට  පලවන ප්‍රවෘතිය ද්වේශ සහගත මඩක්… කතෝලික සභාව අවධාරණය කරයි!

කී්ර්ති ප්‍රනාන්දු –

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පාස්කු ඉරුදින සමූලඝාතන ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට යුක්තිය ඉටුවන තුරු තම සේවා කාලය දීර්ඝ කරන ලෙස ලිඛිත ඉල්ලීමක් වතිකානුව වෙත යොමු කර ඇතැයි   පලවන වාර්තාව මුලුමනින්ම අසත්‍ය බව කතෝලික සභාව අවධාරණය කරයි.

එම වාර්තාවේ දැක්වෙන්නේ   වතිකානුවේ විශ්වාසකටයුතු වාර්තා හෙළි කරන පරදි  තවමත් කාදිනල්වරයාගේ ඉල්ලීම තහවුරු කර නොමැති බවය.

කෙසේ වෙතත් මූලාශ්‍රවලට අනුව, “ස්ථාපිත ප්‍රොටෝකෝලයෙන් ඉවත්ව රංජිත් කාදිනල්තුමා ස්වකීය උපන් රටේ (ශ්‍රී ලංකාවේ) රදගුරු සමුළුවට දැනුම් දෙනවා වෙනුවට පල්ලියේ සම්ප්‍රදාය මඟ හරිමින් කෙළින්ම වතිකානුවෙන් මෙම ඉල්ලීම සිදු කර ඇති බවද එම වාර්තාවේ දැක්වේ.

“මතභේදය වී ඇත්තේ කාදිනල් රංජිත් හිමිපාණන්ගේ වයසට අදාළ පල්ලියේ සම්මතයන් නොසලකා හැරීමයි, සාමාන්‍යයෙන් වයස අවුරුදු 75 දී ඔහු ඉල්ලා අස්විය යුතුය. නමුත් 1947 නොවැම්බර් 15 වැනි දින උපත ලද කාදිනල්තුමා තම ධූර කාලය දීර්ඝ කර ගැනීමේ උත්සාහයේදී සම්මුතියේ සීමාවන්ට පටහැනිව කටයුතු කරමින් සිටින බව ද එම වාර්තාවේ  සඳහන් වේ.


මේ සම්බන්ධව ලංකාසර කතෝලික සභාවෙන් කළ විමසීමක දී  කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අවධාරණය කළේ මෙය කිසිම පදනමක් නැති සම්පූර්ණ මඩ ප්‍රකාශයක් බවය.

මෙම ප්‍රකාශය ගොඩනැගීමට හේතුවූ මූලයන් මොනවාදැයි විමසන සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කළේ කතෝලික සම්ප්‍රදාය පිළිබඳ අවබෝධයකින් තොරව මෙවැනි මුග්ධ ප්‍රකාශ කරනවිට පෙනී යන්නේ  එම ප්‍රකාශය කරන පාර්ශවයේ ගොංකම බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවැනි ගොංකතා සඳහා ප්‍රවේශ සැපයීම පසුපස කවරෙක් හෝ සිටී නම් එය මනුෂ්‍යත්වයට තරම් නොවන බව කී  සිරිල් ගාමිණී පියතුමා  කාදිනල් හිමිපාණන්ට කතෝලික ප්‍රජාව අතර ඇති ගෞරවය නැතිකිරීම, කතෝලික ජනතාව භේද කිරීම වැනි පහත් අභිලාෂයන් සහිතව ඔවුන් මේ නටන්නේ ඔවුන්ගේ අවසාන රංගනය බව ද අවධාරණය කළේය.

Exit mobile version