පාස්කු වාර්තාවේ වෙළුම් 22ක් නීතිපතිටවත් නෑ

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ වෙළුම් 22ක් (ග්‍රන්ථ 22ක්) එම කොමිසමේ උපදෙස් පරිදි නීතිපතිවරයා වෙත භාර දී නොමැති බව අනාවරණය වෙයි.

නීතිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිනි අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසන්නේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ සංවේදී තොරතුරු ඇතුළත් වෙළුම් 22ක් එලෙස භාර දී නොමැති බවයි.

ජනාධිපති කාර්යාලය වෙත භාර දී තිබූ එම පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ සම්පූර්ණ වෙළුම් 87න් 65 ක් පමණක් නීතිපතිවරයා වෙත අද භාර දී තිබේ.


නීතිපතිවරයාගේ ප්‍රකාශය උපුටා දක්වමින් නිශාරා ජයරත්න මෙනවිය ඒ පිළිබඳ මෙසේ කරුණු දැක්වීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මෙම පරීක්ෂණ සභාවේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාවට සම්බන්ධ සංවේදී තොරතුරු ඇතුළත් විලුම් 22ක් නීතිපතිවරයාට භාර දී නොමැත. නඩු පැවරීම සඳහා බෝම්බ ප්‍රහාර 8ට අදාළව දහස් ගණනකින් සමන්විත විමර්ශන උදෘතයන් සහ කොමිෂන් සභාවේ පිටු 30,000කට අධික සාක්ෂි සටහන් සහ පාර්ලිමේන්තු කාරක සභාවේ සටහන් අධ්‍යයනය කර විමර්ශන සිදු කිරීමට ඇති අවශ්‍යතාව ද සලකා වගකිවයුතු සැකකරුවන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කිරීම කාර්යක්ෂමව සහ කඩිනමින් සිදු කරන බවත්, කෙසේ වුවද සාමූහික කර්තව්‍ය සඳහා සැලකිය යුතු කාලයක් ගත විය හැකි බවද නීතිපතිවරයා දන්වා සිටී”.

Exit mobile version