පාස්කු ප්‍රහාර ජනාධිපති කොමිසම ලබන 20 වැනිදායින් හමාර වෙයි

2019 වසරේ අප්‍රියෙල් මස 21 වැනිදා පාස්කු ඉරිදා දිනයේ මෙරට එල්ල වූ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය විමර්ශෂණය සඳහා පත් කරන ලද විශේෂ ජනාධිපති විමර්ශණ කොමිසමේ කටයුතු ලබන 20 වැනිදායින් පසුව නවතාලීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසරට අනාවරණය කළේය.

මෙම කොමිසමේ කාල සීමාව ලබන දෙසම්බර් 20 වැනිදායින් අවසන් වීමට නියමිත වන අතර එයින් පසුව එම කාලය දීර්ඝ නොකෙරනු ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම විශේෂ විමර්ශෂණ කොමිසම 2019 සැප්තැම්බර් මාසයේ හිටපු ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ස්ථානපනය කරන ලද අතර පසුගිය කාලය තුළ එම කොමිසම මඟින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් 1562 කගෙන් ප්‍රකාශ සහ කටඋත්තර සටහන් කරගෙන ඇත. එයින් 462 ක් කොමිසම ඉදිරියට ගෙන්වා සාක්ෂි විමසා ඇති බව වාර්තා වේ.


කෙසේ වුවද මෙම කොමිසම තවදුරටත් දීර්ඝ නොකිරීමට ගෙන ඇති තීරණය මත දැනට ලබා ගත් ප්‍රකාශ සහ ලබා දුන් සාක්ෂි පදනම් කරගෙන වාර්තාව සකස් කිරීම මේ වනවිට සිදුවෙමින් පවතින බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනක්ද සිලවා මහතා විසින් සභාපතිත්තවය දරන ලද මෙම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න විශ්‍රාමික විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, බන්දුල කුමාර අතපත්තු, අධිකරණ අමාත්‍යංශයේ හිටපු ලේකම් ඩබ්ලිව් ඒ එම් අධිකාරි යන සාමාජිකයෝ කටයුතු කළහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම කොමිසම 2019 වසරේ සැප්තැම්බර් මස 22 වැනිදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කරන ලද අතර විමර්ශණ පිළිබඳව අතුරු වාර්තා දෙකක් මේ වනවිට ජනාධිපතිවරයාට පිළිගන්වා ඇත.

Exit mobile version