පාස්කු ප්‍රහාර අනතුර ගැන තමා දැනුවත්ව නොසිටි බව කොමිසම ම කිව්ව නම් තමයි හොඳ!

හිටපු අගමැති රනිල් ඉන්දීය රූපවාහිනියකට කියයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව පෙර සිදුවුණු අනතුරු ඇඟවීම් පිළිබඳව තමා දැනුවත් කොට නොතිබූ බව ජනාධිපති කොමිෂන් වාර්තාව තුළ සඳහන් කළ යුතුව තිබූ බවත් එවැන්නක් සිදුව නැති බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයයි.

ඉන්දියාවේ වියොන් (WION) මාධ්‍ය ආයතනය සමඟ අන්තර්ජාලය හරහා සිදු කරන ලද සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ කිසිදු ඇමතිවරයකු මීට සම්බන්ධ නොවූ බව පෙනෙන බවත් තම කණ්ඩායම සිටියේ මේ සිද්ධි දාමයේ වගකීම් සීමාවෙන් පිටත බව කොමිසමේ වාර්තාවෙන් පැහැදිලි වන බවත් සඳහන් කළේය.

එම වැඩසටහන මෙහෙයවූ පාල්කි ෂර්මා විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් හිටපු අගමැතිවරයා තමන් ඉස්ලාමීය අන්තවාදය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා උනන්දුවකින් යුතුව ක්‍රියා නොකළ බව පැවසෙන චෝදනාව සම්බන්ධයෙන් විමසූ කල ඔහු පවසා සිටියේ එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි.


“මුලින්ම කියන්න ඕන මම මේ වාර්තා සම්පූර්ණයෙන් දුටුවේ නැහැ. එය තවම අපට සම්පූර්ණයෙන් ලැබුණේ නෑ. නමුත් ඔය කියන චෝදනාව වැරදියි. පැරිසියේ ඉස්ලාම් අන්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයෙන් පසුව මම පොලිසියට නියෝග කළා, මේ රටේ අන්තවාදී ක්‍රියා සිදුවන්නේද යන්න පිළිබඳව විමර්ශෂණය කරන්න කියල.වෙනම ප්‍රාදේශිය අන්තවාදී විමර්ශණ ඒකක පටන් ගන්න කියල උපදෙස් දුන්නා. අලුත් ත්‍රස්ත විරෝධී පනතක් ඇති කළා. ඊළඟට නෛතික පියවර ගැනීමට කටයුතු කිරීම ගැන උපදෙස් දුන්නා. විශේෂයෙන් නිතිපතිගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න කියල. මේ සම්බන්ධයෙන් පොලිසියට උපදෙස් දුන්නා.

නමුත් දේශපාලනිකව වශයෙන් වගකීම දැරීමත් අපරාධ සඳහා වගකීම දැරීමත් දෙකක්. අපට කියන්න බැහැ අප උදාසීන ආකල්පයකින් සිටියා කියල. කොහොමද එහෙම කියන්නේ. කොහොමද මේ ආකල්පය විනිශ්චය කරන්නේ?“ යයි ප්‍රශ්න කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන් ආරක්ෂක කවුසියට නොකැඳවීම පිළිබදව ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තමන් පමණක් නොව තමන් ඉවත් කර දින 52ක් සඳහා අගමැති ලෙස පත් කර ගත් මහින්ද රාජපක්ෂ මහතාවත් ආරක්ෂක මණ්ඩල රැස්වීමට ඒ කාලය තුළ කැඳවා නොමැති බවය.

2019 වසරේ ජනවාරි මාසයේ පැවති එම රැස්වීමෙන් පසුව හිටපු ජනාධිපතිවරයා ආරක්ෂක මණ්ඩල රැස්වීමක් පවත්වා නොමැති අකර ඉන් පසුව ඔහු පවත්වා ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශ මට්ටමේ රැස්වීම් පමණක් බවද පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් පවතින චෝදනා පිළිබඳව අදහස් දක්වමින් හිටපු අගමැතිවරයා පවසා ඇත්තේ ඉතා බරපතල බවයි. කෙසේ වුවද තමන් මෙම වාර්තාවේ සාරාංශයක් පමණක් කියවූ බවත් සමස්ත වාර්තාව නොකියවා මේ සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

Exit mobile version