එක්සත් ජාතීන් අමතන්නට පෙර නිව්යෝක් නුවර ලාංකිකයන්ගෙන් ජනපතිට විරෝධතා…

ලංකාවේ වෙලාවෙන් අද රාත්‍රී 9.30ට ජනාධිපතාවරයා එක්සත් ජාතීන් ඇමතීමට නියමිතව තිබිය දී  එක්සත් ජනපද වාසී ශ්‍රී ලාංකිකයෝ  ශ්‍රී ලංකා රජයට එරෙහිව උද්ඝෝෂණයක් පවත්වාගෙන යති.

තව ස්වල් මොහොතකින් ජනපති එක්සත් ජාතීන් ඇමතීමට නියමිතය. මේ  ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 8 පමණ සිට උද්ඝෝෂණය ක්‍රියාත්මකය. තවමත් එම උද්ඝොෂණය පවතින බව එක්සත් ජනපදයෙන් එන ආරංචි මාර්ග කියයි.

විරෝධතාවයට නිමිත්ත පාස්කු ප්‍රහාරය ය. පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළිකරනු යනු තේමාවය.


කුමන්ත්‍රණ කරුවන් නිදැල්ලේ… ශ්‍රී ලංකාව අනතුරේ, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුද, ලංකාවේ ජනතාවට යුක්ති ඉටු කරන්න,  අහිංසකයන් මරා ඔබේ ජය ලැබුවා ද, සත්‍ය හෙළිකරීම ජාතික වගකීමකි,  ආදී සටන් පාඨ සහිතව විශාල පිරිසක් උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටිති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ නිව්යෝක් සහ නිව්ජර්සිහි වෙසෙන ශ්‍රී ලාංකික කතෝලික පූජකවරු පරිසකි. පක්ෂ පාට ජාති ආගම් භේදයකින් තොරව මේ අවස්ථාවට ශ්‍රී ලාංකිකයෝ එක් වී සිටියහ.

 

Exit mobile version