පාස්කු ප්‍රහාරයට වගකිව යුතු යැයි කමිටුව නම්කළ අයට තරාතිරම නොබලා දඬුවම් කරන්න…

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව නිවේදනය කරයි...

කීර්ති ප්‍රනාන්දු –

පාස්කු ප්‍රහාරය ගැන ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් මෙම ප්‍රහාරය වැළැක්වීමේ වගකීම පැහැර හැරියා වූ, පාස්කු කොමිසම් වාර්තාව විසින් නම්කොට, නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු යැයි නිර්දේශකොට ඇති දේශපාලන නායකයන් සහ නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා, නොපැකිළව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්නැයි පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

එම කමිටුව කියා සිටින්නේ තමන් ඉල්ලා සිටින සත්‍ය යුක්තිය සහ සාධාරණත්වය කුමක්දැයි පැහැදිලි කිරීමට මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කළ බවය.

ජාතික ආරක්ෂාවට තර්ජනයක්ව පවතින මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් සම්පූර්ණයෙන් තහනම් කොට, ඔවුන්ට සම්බන්ධ විදෙස් අනුග්‍රහකයන් හා වෛරය වපුරන දේශකයින් හඳුනාගෙන ඔවුන් මෙරටින් නෙරපා හැරීමට කටයුතු කරන්නැයි ද එම කමිටුව ඉල්ලීමක් කරයි.


එම කමිටුව එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඇතැමුන් විසින් මෙරටට ගෙන්වා ඇතැයි වාර්තා වී ඇති විවිධ වර්ගවල අවි ආයුධ අත්අඩංගුවට ගන්නා ලෙස ද අන්තවාදී ත්‍රස්තවාදය පෝෂණය කරන මූල්‍යමය ප්‍රතිපාදන, චංචල හා නිශ්චල දේපළ කඩිනමින් රාජසන්තක කරන ලෙස ද ඉල්ලා සිටින බවයි.

පාස්කු ප්‍රහාරයට දෙවසරක් සපිරෙන එළඹෙන අප්‍රේල් මස 21 වන දිනට පෙර ඉහත ඉල්ලීම් ක්‍රියාත්මක කිරීමට හෝ ඊට අදාළ මුල් පියවර හෝ ගැනීමට කටයුතු කළ යුතු බවයි අගරදගුරු පදවි ප්‍රකාශ කමිටුව පෙන්වා දෙයි.

වසර 02 ක් ගතවී ගොස් ඇතත්, ඒ මහා විනාශය සිදුකළ අය සොයාගන්නට සහ දඬුවම්දිමට නොහැකිවීම පුදුම දනවන ප්‍රහේලිකාවකැයි ඔවුන් පවසයි. ඒ අනුව අදාළ ආයතනවල කාර්යක්ෂමතාවයට බලපෑම් කිරීමක් ඇත්දැයි සාධාරණ සැකයක් ජනති වී ඇති බවත්,   මෙම තත්ත්වය තුළ සත්‍ය හෙළිදරව් කරවා ගැනීමට ගෙන යන විරෝධතා ක්‍රියාමාර්ග තවත් ශක්තිමත්ව රටපුරා ව්‍යාප්ත කිරීමට අදහස් කරන බව ද අගරදගුරු පදවි ප්‍රකාශ කමිටුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නිවේදනය මෙසේය.

Exit mobile version